Gossip

බීලා වාහන පදවන අයව අල්ලන්න 10 වසරේ සිසුවෙක් හදපු නවීන උපකරණය මෙන්න

ශරීරගත ඇල්කොහොල් ප්‍රතිශතය හදුනා ගැනිමේ උපකරණයක් ඇඹිලිපිටිය ජනාධිපති විදුහලේ 10 වසරෙහි අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකු විසින් නිර්මාණය කර තිබෙනවා.

ඔහු නමින් දසුන් සත්සර සෙනරත් රත්නායක.

මෙම උපකරණයේ ඇති විද්‍යුත් තිරය සාමාන්‍ය තත්වයේ පවතින විට පෙන්වන්නේ ඒකක 300 අගයයි.

නවින ආර්නෝඩි තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති එම උපකරණය ට සම්බන්ධ කර ඇති සෙන්සර් කොටස මත්ද්‍රව්‍ය පානය කර ඇති අයෙකුගේ මුවට ලංකර ප්‍රාශ්වාස කල විට තත්පර කිහිපයක් තුල අගය ඒකක 500 න් ඉහලට ගමන් කරනවා.

එය ඇල්කොහොල් මට්ටම අනුව 500 සිට 800 පමණ දක්වා විද්‍යුත් තිරයේ පෙන්වයි.

එහෙත් මත්ද්‍රව්‍ය ලබා නොගත් අයෙකු එහි සෙන්සර් කොටසට ප්‍රාශ්වාස කළ විට අගය ඒකක 300න් පහලට ගමන් කරනවා.
විද්‍යුත් ආරෝපනය මගින් මෙම උපකරණය පැය විසිහතරක කාලයක් ක්‍රියාත්මක කල හැකි අතර එය අතේ ගෙන යා හැකි මටිටමේ කුඩාවට නිමවා තිබෙනවා.

මෙම සිසුවා ආර්ථික ගැටළු මධ්‍යයේ වුනත් මෙය නිර්මාණය කර ඇත්තේ සිය ස්වයං අධ්‍යයනයන් තුළින්. රොබෝ යන්ත්‍රයක් ඇතුළු විද්‍යුත් උපකරණ ගණනාවක් ඔහු නිර්මාණය කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!