Gossip

නවගමුවේ ලැඟුම්හළෙන් හමුවූ පිළිස්සුණු මළසිරුරේ අනන්‍යතාව හෙළිවෙයි

පසුගිය 28 වනදා නවගමුව ප්‍රදේශයේ ලැඟුම්හලක තිබී පිළිස්සුණු අභිරහස් මළසිරුරක් හමුවුණා.

මේවන විට එම මළසිරුරේ අනන්‍යතාව හෙළිවී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මල්ෂාන් නමැති තරුණයෙක්.

ඔහු වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක්.

මේ අතර ඝාතනය සිදුව ඇති ආකාරය පිළිබඳව තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී ඇති අතර මෙය පෞද්ගලික ආරවුලක් මත සිදුවූ ඝාතනයක් බවටයි පොලිසිය සැක පලකරන්නේ.

එහිදී මියගොස් ඇති තරුණයාගේ ගෙළට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට වාර්තා වනවා.

පසුව ඝාතකයා විසින් මියගොස් ඇති තරුණයාගේ සිරුර මෙට්ටයකින් ඔතා දමා එයට ගිනි තබා ඇති බවටයි තොරතුරු අනාවරණ කරගෙන ඇත්තේ.

මියගොස් සිටි තරුණයාගේ සිරුර හමුවීමට පෙරදින ඔහු තවත් අයෙකු සමඟ අදාළ ලැඟුම්හල වෙත පැමිණ ඇති අතර අදාළ සිදුවීම වූ දින එම කාමරයෙන් දුම් පිටවනු දැක ඇති එහි සේවකයන් විසින් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සිදුකළ සෝදිසි කිරීමකදීයි ගිනිගනිමින් තිබූ සිරුර හමුව ඇත්තේ.

ඒ වනවිටත් ඔහු සමඟ පැමිණි අනෙක් පුද්ගලයා එහි සිට නොමැති අතර පොලිසිය ඔහු සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

නවගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!