හොලිවුඩ්

බීබර්ට මඩ ගහන්නේ ලොකු සීන් නිසාලු

තවමත් 19 වන වියේ පසුවන ජස්ටින් බීබර් කියන්නේ හැමෝම ආදරේ කරන චරිතයක් වුණාට එයාට හැම තැනින්ම මඩ ගහන බව කවුරුත් දන්නවානේ. විශේෂයෙන්ම මාධ්‍ය බීබර්ට එක දිගටම මඩ ගහන නිසා තමයි ඒක වැඩියෙන්ම ප්‍රචාරය වෙන්න ගත්තෙත්‍. ඒත් ඔය කියන මඩ ගැහිල්ල පටන්ගත්තේ කොතනින්ද ඒකට හේතුව මොකක්ද කියලානම් කවුරුවත් දන්නේ නෑ.

හැබැයි ඒකට හේතුව මොකක්ද කියලා බටහිර ගායක ලුයිස් ටොම්ලින්සන් දන්නවලු.

එයා කියන විදිහටනම් බීබර් කිසිම දෙයක් වෙලාවට කරන්නේ නෑ. ඒ මදිවට තමන්ගේ ප්‍රමාදය පැත්තකින් තියලා ඒ ගැන පැපරාසින් එක්ක වාද කරන්නත් යනවලු. වැරුද්දට සමාව අරගෙන පැත්තකට වෙලා හිටියනම් මේ මුකුත් නෑ කියලයි ලුයිස්නම් කියන්නේ. එහෙම නැතුව ලොකු සීන් දාන්න ගිය බීබර්ගේ සායම යන්නත් එක්ක පැපරාසීන් එකතු වෙලා පටන්ගත්ත මේ මඩ ගැහිල්ල නවතින පාටක්නම් පේන්නවත් නෑ.

“මම බීබර්ව පෞද්ගලිකව දන්නේ නෑ. එයා ගැන වැඩි දෙයක් දන්නෙත් නෑ. තරුණයින් අතරේ බීබර් එකක සසඳන්න පුළුවන් ගති ලක්ෂණ තියෙන කෙනෙක් මම දැකලත් නෑ.” ලුයිස් ට්වීටර් වෙබ් අඩවියේ බීබර් ගැන පළ කරලා තිබුණේ ඒ විදිහේ අදහසක්.

කොහොම හරි නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා කියලා කියන්නේ නිකම්ම නෙමෙයි වගේ කියලා බීබර්ට කියලා දෙන්න කෙනෙක් හිටියෙම නැද්ද දන්නේ නෑ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!