Gossip

බිරිඳ හා දරුවා වෙනුවෙන් දියතලාවේ බෝම්බය පිපිරුණාද..? – සැකකාර සාජන් මේජර්වරයා ඇත්ත වමාරයි

දියතලාව බස් රථයේ සිදුවූ පිපිරීමට සම්බන්ධ සැකකරුවෙකු ලෙස සාජන් මේජර්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමාගේ මරණයෙන් පසු බිරිඳට සහ දරුවන් දෙදෙනාට යුද හමුදාව විසින් ලබාදෙන විශ්‍රාම වැටුප සහ දීමනා ලබාගැනීමේ අරමුණින් දියතලාව කඳවුර තුළදී බෝම්බය පුපුරවා ගනිමින් සියදිවි හානිකර ගැනීමට තමන් සැලසුම් කර සිටි බව එම සාජන් මේජර්වරයා ‍පොලිසියට පවසා ඇති බවට වාර්තා වනවා.

ආර්ථික ප්‍රශ්න රැසක් හමුවේ තමන්ට මුහුණදීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් තමන් ණයට මුදල් ලබාගත් පුද්ගලයන් දිගින් දිගටම නිවස වෙත පැමිණීම නිසා පදිංචිව සිටි ප්‍රදේශයේ ජනතාව අතර අවමානයට ලක්ව සිටි බවත් පැවසෙනවා.

පොලිසියේ නිලධාරීන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු කියා ඇත්තේ අදාළ බෝම්බය 2015 වසරේදී මුලතිව් ප්‍රදේශයෙන් සොයා ගත් එකක් බවයි. එල්.ටී.ටී.ඊ.ය භාවිත කළ වාහන කිහිපයක් ගාල් කර තිබූ ස්ථානයක මෙම අත්බෝම්බය තිබී හමු වූ බව ද පසුව ඔහු එය එම ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයක සඟවා 2017 වසරේදී මාතලේ ඔහුගේ නිවෙසට රැගෙන ආ බවද සාජන් මේජර්වරයා පාපෝච්චාරණය කර තිබෙනවා. නිවෙසේ සඟවා තිබූ එය සිය ගමන් බෑගයේ දමා කහගොල්ල හමුදා කඳවුරට රැගෙන එමින් සිටි බව ද බස් රියෙන් බැසීමට සුදානම් වීමේදී එය වැටී පුපුරා ගිය බව ද සාජන් මේජර්වරයා පොලිස් නිලධාරින් ඉදිරියේ පාපෝච්චාරණය කර තිබෙනවා.

ණය බරින් මිදීම සඳහා තමන් මිතුරන් කිහිප දෙනකුගෙන්ම මුදල් ඉල්ලා සිටි අවස්ථා කිහිපයක් තිබූ බවත් ඔවුන්ගෙන් ද ඊට සහනයක් නොලැබුණු බවත් මොහු ‍පොලිසියට පවසා ඇති බවටද වාර්තා වනවා.

සැකකාර සාජන් මේජර්වරයා වෑන් රථයක් ලිසිං ක්‍රමයට මිලදී ගෙන ඇති අතර එහි මාසික වාරිකය රුපියල් 75,000ක් බවද පැවසෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!