Gossip

බ්‍රිතාන්‍යයේ දෙවන වැඩිම ඉඩම් හිමි, ඩෙන්මාර්ක වංශාධිපතියෙකු වන Andersගේ දරුවන් තිදෙනා කොළඹ පිපිරීමකට බිලිවෙයි

ඩෙන්මාර්ක් ධන කුවේරයෙකු වන Anders Holch Povlsenගේ දරුවන් තිදෙනෙකු කොළඹ ඊයේ සිදුවූ පිපිරීමකින් ජීවිතක්ෂයට පත්වූ බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරනවා.

Anders Holch දරුවන් සිව්දෙනෙකුගේ පියෙකු වන අතර ඉන් තිදෙනෙකුම මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුණා.

Anders Holch Povlsen සැලකෙන්නේ ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා ලෙසයි.

ඩෙන්මාර්ක වංශාධිපතියෙකු වන Anders මහා බ්‍රිතාන්‍යයේ දෙවන වැඩිම ඉඩම් හිමියා වන අතර ඔහුට එංගලන්තයේ පිහිටා ඇති ASOS නමැති රෙදි සහ ස්වර්ණාභරණ ව්‍යාපාරයේ වැඩිම කොටස් හිමි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ දරුවන් සිව්දෙනා මීට දින කිහිපයකට පෙර මෙරට ප්‍රධානපෙලේ හෝටලයක නිවාඩුවක් ගතකරන අයුරු දැක්වෙන ඡායාරූපයක් ද ඔවුන් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුනා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!