Gossip

බ්‍රසීලය ‘කොවිඩ්-19’ දත්ත සඟවයි – මෙන්න හේතුව

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධියට පත් කළ දත්ත සියල්ල ඉවත් කිරීමට බ්‍රසීලය තීරණය කර ඇත.

නව කොරෝනා වයිරස ගෝලීය වසංගතයෙන් දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බ්‍රසීලයට වන අතර නිල දත්ත වාර්තාවල ප්‍රමාද සිදු වී ඇතැයි ද බ්‍රසීලය ‘කොවිඩ්-19’ සංඛ්‍යා දත්ත සැඟවීමට උත්සාහ කරන්නේ යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් ‘කොවිඩ්-19’ වසංගතය සම්බන්ධයෙන් නිල සංඛ්‍යා දත්ත වාර්තා කිරීමේදී ප්‍රමාද සිදු වූයේ යැයි ද ඒවායේ වෙනස්කම් කළ යුතු යැයි ද ප්‍රසිද්ධියට පත් කළ දත්ත හා තොරතුරු ඉවත් කිරීමට ගත් තීරණය සාධාරණීයකරණය කරමින් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සනාරෝ පැවැසීය.

බ්‍රසීලය වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් දත්ත ප්‍රසිද්ධියට පත් කළ අතර එය ජනපදයෙන් ජනපදයට සහ නගර සභාවෙන් නගර සභාවට වෙනම දත්ත ඉදිරිපත් කළේය. එම වෙබ් අඩවියෙන් අදාළ දත්ත ඉවත් කිරීමට බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන ඇත.

රටේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව ප්‍රකාශයට පත් කිරීම නවතා දැමීමට ද බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. රොයිටර්ස් පුවත් සේවයට අනුව බ්‍රසීලයෙන් අද (7) පස්වරු 2 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 6,72,846කි. එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 35,930ක් වන අතර වයිරසය ආසාදනය වී සුව වු ගණන 2,54,963කි. ඇමෙරිකා එක්සත් ජනපදයට පසු දෙවැනියට වැඩියෙන් ආසාදිතයන් වාර්තා වන්නේ ද එක්සත් රාජධානියට පසු දෙවැනියට කොරෝනා ආසාදිත මරණ වාර්තා වන්නේ ද බ්‍රසීලයෙනි.

‘‘මේ සමුච්චිත දත්තවලින් රටේ ඇත්ත තත්ත්වය පෙන්නුම් කරන්නේ නැහැ’’ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රසීල ජනාධිපතිවරයා සඳහන් කළේය. අමාත්‍යාංශයේ පණිවුඩයක් ද සඳහන් කරමින් ඔහු ඒ බව සඳහන් කළේය. ‘දත්ත වාර්තා කිරීමේ ක්‍රමවේද වැඩිදියුණු කිරීම සඳහා දැනටමත් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා’’ යැයි ද ඔහු කීය.

බ්‍රසීල ජනාධිපතිවරයා වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් නොතැකූ අතර වසංගතය බරපතළ බව ගණනකට නොගත් බවට ද ඔහුට චෝදනා එල්ල විය. බ්‍රසීලයේ ප්‍රාන්ත ‘ලොක්ඩවුන්’ කිරීමට ක්‍රියාමාර්ග ගත් අවස්ථාවේදී ද බ්‍රසීල ජනාධිපතිවරයා ඊට විරුද්ධව අදහස් දැක්වීය. ඒ හේතුවෙන් වසංගතයට එරෙහිව දැක්වූ මහජන සෞඛ්‍ය ප්‍රතිචාරය ද අඩපණ විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!