Gossip

බලෙන් නිවසට ඇතුළු වී පිලිපීන ජාතික කාන්තාවට අතවර කළ මත්ලෝලියා

අතුරුගිරිය, මාලඹේ ප‍්‍රදේශයේ 45 හැවිරිදි පිලිපීන ජාතික කාන්තාවකගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයෙක් එම කාන්තාවට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  අතුරුගිරිය පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ.

මෙම අතවරය සිදුකළ 36 හැවිරිදි සැකකරු හිඹුටාන ප‍්‍රදේශයේදී පෙරේදා (08 වැනිදා) අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ මත්කුඩු ග‍්‍රෑම් 3 යි මිලිග‍්‍රෑම් 55 ක් තිබී පොලිසිය භාරයට ගෙන තිබේ. සැකකරු මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහිවූ අයකු බව හෙළිවිණැයිද පොලිසිය කියයි.

සැකකරු එම පිලිපීන ජාතික කාන්තාව පදිංචි නිවසට තාප්පයෙන් පැන තිබේ. පසුව ඔහු එම නිවසේ දෙවැනි මහලට නැඟ නිවසට ඇතුල් වී තිබේ. එහිදී සැකකරු එම පිලිපීන ජාතික කාන්තාවගේ මුව වසා බියට පත්කර ඇයව නිවසේ කාමරය තුළට ඇදගෙන ගොස් අතවර කර සැකකරු පලාගොස් ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි. සිද්ධියෙන් පසු ඇය මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට ඇතුළත් වී තිබේ.

පසුව ඇය මේ ගැන අතුරුගිරිය පොලිසියට පැමිණිලි කළ අතර, ඒ අනුව විමර්ශන සිදුකළ පොලිසිය සැකකරුව අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරුට එරෙහිව අධිකරණයේ මත්කුඩු චෝදනා හා තවත් ලිංගික අතවර සම්බන්ධයෙන් නඩු කීපයක් ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් සැකකරු කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!