Gossip

පොලිසියට පැන යතුරුපැදියක් සොරාගෙන

යක්කල පොලිස් ස්ථානය භාරයේ තිබූ යතුරුපැදියක් සොරා ගෙන යාම සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණ සිදු කරන බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. යක්කල නුවර පාරේ පිහිටි වාහන අමතර කොටස් විකුණන ස්ථානයක තිබියදී කොටස් ගලවන ලද සැකකටයුතු යතුරුපැදියක් ගම්පහ පොලිසියේ අපරාධ විමර්ශන අංශය භාරයට ගෙන සිදු කළ විමර්ශනයේදී එම යතුරුපැදිය යක්කල පොලිසියේ නඩු භාණ්ඩයක් බවට අනාවරණය කරගෙන තිබේ. රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිස් භාරයට ගෙන තිබූ එම යතුරුපැදිය යක්කල පොලිසියේ සේවය කරන සැරයන්වරයකු විසින් වාහන අමතර කොටස් විකුණන ස්ථානයට රැගෙන ආ එකක් බවට එම වාහන කොටස් අලෙවි සැලේ අයකු ලබාදුන් ප‍්‍රකාශය මත මෙසේ වැඩිදුර පරීක්‍ෂණ සිදු කරනු ලබන බවත් සැකකටයුතු වාහන කිහිපක් සහ එන්ජින් කොටස් කිහිපයක් යක්කල පිහිටි එම අමතර කොටස් අලෙවි සලේ තිබී සොයාගෙන ඇති බව පොලිසිය පවසයි. ඉන් අනතුරුව එහි හිමිකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන  ගම්පහ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු

එම සැකකරු බේරා ගැනීම සඳහා යක්කල පොලිසියෙන් යතුරු පැදිය රැගෙන ගියා යැයි කියන සැරයන්වරයා අධිකරණය හමුවේ පෙනී සිටිමින් අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් අධිකරණය නොමග හැරීම සම්බන්ධයෙන්ද පරීක්‍ෂණයක් සිදු කරන බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

යක්කල පොලිසියේ සැරයන්වරයා සැකකරුවෙකු වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීම පොලිසියේ උසස් නිලධාරීන්ගේ අනුමැතියෙන් තොරව සිදුව ඇති බව ඒ සම්බන්ධව කළ විමසීමකදී  ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය.

ටෝනි කරුණානායක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!