Gossip

බල්ලෙක්ටවත් පාරේ බැහැලා යන්න බැරි තරමට පිරිහිලා තියෙන මේ රටට විදේශිකයෝ දෙන්නෙක් උගන්වපු පාඩම

උදෑසන 9.30ට ගම්පහින් පිටත්වන නගරාන්තර සීග්‍රගාමී දුම්රියෙන් මහනුවර බලා යෑමට සිටි නෙදර්ලන්ත ජාතික යුවළක් කළ දෙයක් මේ දිනවල සමාජජාල මාධ්‍යයන්වල කතාබහට ලක්වෙලා තියෙනවා.

මෙම නෙදර්ලන්ත ජාතික යුවළ සිය ගමනත් පසෙක දමා අනතුරකට ලක්ව කකුලක් කැඩී තිබූ සුනඛයෙක්ට ප්‍රතිකාර කිරීමට පියවර ගෙන තිබෙනවා.

තමන් යන්නට සූදානම් වූ ගමන මඳකට නතර කරපු මෙම විදෙස් යුවළ එම සුනඛයාට ප්‍රතිකාර කිරීමට කඩිනමින් පශු වෛද්‍යවරයකු ගෙන්වා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

උදෑසන 9.00ට පමණ පශු වෛද්‍යවරයකුට පණිවුඩයක් යැව්වද හවස 4.00 වනතුරුත් පශු වෛද්‍යවරයා පැමිණ නැහැ.

තම ගමන නවතා පැය හතක පමණ කාලයක් මෙම සුනඛයාට ප්‍රතිකාර දීම සඳහා වෙහෙසුණු මෙම යුවළ පිළිබඳව මාධ්‍යවේදියකු ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම් දුන් පසු පොලිස් ස්ථානාධිපති ඩන්කන් ගුණවර්ධන මහතා මැදිහත් වී සත්ත්ව රෝහලක පශු වෛද්‍යවරයකු ගෙන්වා තිබෙනවා.

පැය හත හමාරකට පසුව සුනඛයා සත්ත්ව රෝහලකට ගෙන ගිය පසු එම විදෙස් යුවළ නුවර බලා පිටත්ව තිබෙනවා.

සුනඛයන් ගිනි තියලා මරා දමන කාලයක සුනඛයෙක්ටවත් පාරේ බැහැලා යන්න බැරි තරමට පිරිහිලා තියෙන මේ සමාජයට මේ වැඩේ හොඳ ආදර්ශයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!