Gossip

උපකාරක පංති ගිය සිසුවිය වෑන් රථයකින් ඇවිත් පැහැරගෙන – පැහැරගත්තේ වැරදි කෙනෙක් කියලා අතරමග දාලා ගිහින්

උපකාරක පංතියකට සහභාගි වීම සඳහා නිවසින් පිට වී ගිය සිසුවියක වග – ඉරිදාපොල නගරයේදී වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් අවට සිටි පිරිසට ගිනි අවි පෙන්වා බිය වද්දා පැහැර ගෙන ගොස් පසුව ඔවුන් ඉලක්ක කළ සිසුවිය ඇය නොවූ බව වැටහී අතරමඟ දමා ගොස් ඇති බවට වාර්තා වනවා.

මෙලෙස පැහැර ගැනීමට ලක් වී ඇත්තේ වග, හේන්යාය ගම්මානයේ පදිංචි සිසුවියක්.

ඇය ඔවුන්ගේ ඉලක්කය නොවුණත් ඔවුන් කිසියම් තරුණියක පැහැර ගෙන යෑමට මාන බලමින් පසු වූ බව මෙම සිදුවීමෙන් මනාව පැහැදිලි වන බවත්, මේ සම්බන්ධව පුද්ගලයන් සොයා නීතිය තදින් ක‍්‍රියාත්මක කළ යුතු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!