Gossip

බරපතල සිරදඬුවම් ලබා සිටි ඥානසාර හිමියන් නිදහස් – ආරක්ෂක හේතූන් මත උන්වහන්සේව බන්ධනාගාරයේ වෙනත් ගේට්ටුවකින් රැගෙන යයි

බරපතල වැඩ සහිතව සිරගතව සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව අනුව නිදහස ලැබුණා.

උන්වහන්සේ නිදහස් කිරීමට අදාළ ලිපිය ඊයේ දිනයේ (22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කළ බවට වාර්තා වුණා.

ඥානසාර හිමියන්ට පූර්ණ නිදහස ලබාදෙන ලෙස එම ලිපියේ සඳහන් වූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ජයසිරි තෙන්නකෝන් මහතා සඳහන් කළා.

මේ අතර ආරක්ෂක හේතූන් මත ඥානසාර හිමියන්ව වෙනත් ගේට්ටුවකින් රැගෙන ගිය බවයි බන්ධනාගාරය ඉදිරිපිට සිටි තවත් හිමිනමක් පවසා සිටියේ.

උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළේ කෝට්ටේ ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් බැහැදැකීමට ඥානසාර හිමියන් වැඩම කළ බවයි.

එමෙන්ම මේ වන විට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විශාල ජනතාවක් එක්රැස්වී සිටින බවටත් වාර්තා වනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ඥානසාර හිමිට වසර 19ක සිර දඬුවමක් නියම වී තිබූ අතර, එය වසර 06කින් ගෙවී යන බරපතළ සිරදඬුවමක් ලෙසට අධිකරණය මගින් තීන්දුවක් ලබාදී තිබුණා. මෙහිදී ඥානසාර හිමියන්ට චෝදනා 04ක් නීතිපතිවරයා විසින් ගොනුකර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!