Gossip

බත් කන ගමන් වතුර බොන්න හොඳද?

Woman Drinking Glass of Water --- Image by © Royalty-Free/Corbis

Woman Drinking Glass of Water — Image by © Royalty-Free/Corbis

ආහාර අනුභව කරන අතරතුර වතුර පානය කිරීමේදී ආහාර ජීරණ පද්ධතියට සහ පෝෂක ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය වීමේ ක්‍රියාවලියට හානි සිදුවෙන බව දන්නවද? එම නිසා ආහාර අනුභව කිරීමට පැය භාගයකට පමණ පෙර වතුර පානය කරනවානම් වඩාත් සුදුසයි. අහාර අනුභව කරන අතරතුර වතුර පානය නොකරම බැරි නම් කුඩා වතුර උගුරු කිහිපයක් පමණක් පානය කිරීමට මතක තබාගන්න.

ආහාර අනුභව කරන අතරතුර විශාල වශයෙන් ජලය පානය කරන විට, කුස තුල ඇති හයිඩ්රොලික් අම්ලය දියවෙන්නට පුළුවන්. ආහාර බිඳ දැමීම සඳහා ක්‍රියාකරන හයිඩ්රොලික් අම්ලය දියවී ගියහොත් සිදුවෙන දෙය ඔබට අමුතුවෙන් පවසන්නට අවශ්‍ය වෙන්නේ නැහැ නේද ? ආහාර ජීරණය නිසිපරිදි සිදුනොවෙන නිසා අජීරණය, උදරය ඉදිරියට නෙරා ඒම සහ පෝෂක කොටස් ශරීරයට අවශෝෂණය නොවීම වැනි අහිතකර තත්වයන් ඇතිවෙන්නට පුළුවන්.

කුස තුල තිබිය යුතු වඩාත් සුදුසු පී.එච් අගය වන්නේ 1 සිට 2 දක්වා වූ අගයකි. එය ප්‍රෝටීන් කොටස් බිඳ දැමීමට, ජීරණය පහසු කිරීමට සහ විටමින් හොඳින් අවශෝෂණය වීමට සුදුසු ආම්ලික වටපිටාවකි.

වතුර පානය කරන්න සුදුසුම වෙලාව කුමක්ද ?

ආහාර අනුභව කරන අතරතුර කුඩා උගුරු වශයෙන් වතුර මිලිලීටර් 200ක් තරම් වූ ප්‍රමාණයක් ඔබට පානය කරන්නට පුළුවන්. ඒවගේම ආහාර වෙලාවල් අතර තුර කාලයේදී හොඳින් වතුර පානය කිරීමටද අමතක කරන්න එපා.

ආහාර ජීරණය වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය නම් මෙම උපදෙස් පිළිපදින්න.

1. නිස්කලංකව සිටින විට ආහාර අනුභව කරන්න
2. ආහාර හොඳින් හපන්න
3. තිත්ත සහ ආම්ලික ආහාර වැඩිපුර අනුභව කරන්න

ඉහත සඳහන් කරන ලද යහපත් පුරුදු අනුගමනය කිරීමේදී එන්සයිමයන් හොඳින් ශ්‍රාවය වෙන අතර බඩවැල් හොඳින් ක්‍රියාත්මක වී ආහාර ජීරණය වැඩිදියුණු වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!