Gossip

බඩ අඩුකරගන්න නම් මේ තුන කරන්නම වෙනවා

උදරය එහෙමත් නැත්නම් බැලුමක් වගේ ඉදිරියට නෙරා ආව බඩ නිසා තියන අපහසුතාවය ගැන හරියටම දන්නේ බඩ වැඩි අයම තමයි. කවුරු කවුරුත් දන්න විදිහට ඇදුමක් ඇන්දම සිද්ධ වෙන පෙනුමෙ වෙනස  පහත් වෙලා සපත්තු ලේස් ගැටගහගන්න බෑ වගේ බඩ නැති අය බඩ ගැන දන්න කතා වලට වඩා හුගාක් වෙනස් අත්දැකීම් ටිකකට බඩ තියන උදවියට එදිනෙදා මුහුණ දෙන්න වෙනවා. හොදට හැඩට ඇග නඩත්තු කරපු උදවියටත් කාලයක් යනකොට මුහුණ දෙන්න වෙන මේ බඩ ඉදිරියට නෙරා ඒම නිසා ‍ අපේ මුළු ජීවිතයම අනික් පැත්ත හැරෙනවා. හොද විමසිල්ලෙන් බලන්න. එහෙම නැත්නම් හිතන්න. බඩ ඉදිරියට නෙරා ඒම හින්දා අපේ ඇදුම් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඇගට හිර හැඩ ඇදුම් වලින් අපි ඈත් වෙනවා. අපි ඇවිදින විදිහ වෙනස් වෙනවා. බඩත් එක්ක ලෙඩ ටිකකුත් අපේ ජීවිතේට එන්නේ අපි නොදැනිමයි.
අපිට කරදරයක් වෙන බඩ අඩුකරගන්න අපිට බැරි ඇයි? ඇත්තටම මෙන්න මේකට හරි උත්තරේ හොයාගන්න බැරි නිසයි හුග දෙනෙක් තාම බඩ නිසා දුක් විදින්නේ. බඩ අඩුකරගන්න නම් ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕන බඩ ඇතිවෙන්නේ කොහොමද කියලා. උදරය ඉදිරියට නෙරා ඒම ගැන කරුණු කාරණා හොයන මේ ගැන විශේෂඥ දැනුම තියන කාය වර්ධක උපදේශකයන් වගේම සෞඛ්‍ය අංශවල විද්වතුන් පෙන්වාදෙන විදිහට බඩ ඇතිවෙන්න හේතුවෙන කාරණා 3 ක් තියනවා.

01 බඩේ ගෑස්
කාර්යබහුල ජීවිත රටාවත් එක්ක අපේ කෑම රටාව වෙනස් වෙලා. ක්ෂණික කෑම වගේම පිටි සහිත කෑම අපි නිතරම කනවා. තෙල් මිරිස් දාපු කෑමත් රසට කෑවට ඒ විදිහට නිතර කෑම ගන්න කොට ඒක ආමාෂයට බලපාන්නේ නරක විදිහට. කන උදවිය ඒ විදිහේ කෑම ගනිද්දි තව සමහරු වෙලාවට කන්නෙම නෑ. මෙන්න මේ වගේ නරක ආහාර පුරුදු නිසා දන්නෙම නැතුව ටික දවසකින් බඩේ ගෑස් හැදෙනවා. ගෑස් වලට එවෙලට මොනවා හරි තාවකාලික ප්‍රතිකාරයක් කරගන්න අපි කවදාවත් අපේ කෑම පුරුදු නම් වෙනස් කරගන්න උනන්දුවක් නෑ. අන්තිමට වෙන්නේ බඩේ ගෑස් නිසා දැනෙන අපහසුතාවය ගෑස් තියන උදවියට මුල්කාලෙ තියන දැවිල්ලට අමතරව ටික කාලෙකදි බඩ පුරවාලා දැම්මා වගේ අපි කීමට කියන අපහසුතාවය ඔක්කාර වගේ අපහසුතා පහල වෙනවා. බඩ බැලුමක් වගේ කාලයත් එක්ක පොඩ්ඩ පොඩ්ඩ පිම්බෙන්න පටන් ගන්නේ මෙන්න මේ විදිහට තමයි. වෙන විදිහකින් කිව්වොත් බඩ ලොකු වෙන බව දැනෙන ඒත් අපි ගනන් නොගන්න පළවෙනි දැනුම් දීම බඩේ ගෑස්.

02 එදිනෙදා කෑම සහ ව්‍යායාම
අපේ බඩ වැඩි වෙන්න හේතුවෙන ප්‍රධානතම කාරණාවක් තමයි එදිනෙදා කන තෙල් වැඩි කෑම. ගෙදරදි කන කරවල කෑල්ලේ ඉදලා එලියෙදි කන රසම රස ෆ්රායිඩ් චිකන් කෑලි දක්වා දවසකට කොයිතරම් නම් තෙල් කෑම කනවද? රෑ ඉස්සර උදවිය තෙල් කෑම කෑවට ඇග මහන්සි කරලා වැඩ කලා. එහෙම නැත්නම් වත්තෙ පිටියේ වැඩක් හරි කලා. රස්සාවට හිරවෙලා පර්චර් 5 ගෙවල් හදාගෙන කාර්යබහුල ජීවිත ගෙවන අපිට මොන ඇග මහන්සි වෙන වැඩද? ව්‍යායාම කරන්නවත් කෝ වෙලාවක්. ඒ විතරක් නම් කමක් නෑ. අපේ තියන කඩි මුඩිකම් වල හැටියට අඩියක් වත් පයින් යන්න හිතන්නෙත් නෑ. වාහන තියන උදවිය එදිනෙදා ජීවිතයේ හැම වැඩක්ම සැප පහසුවට වාහන වලින් කරද්දි අනෙක් හුග දෙනෙක් පොඩි දුර යන්නෙත් ටැක්සි එකක. අන්තිමට වෙන්නෙ එදිනෙදා කන කෑම වල තියන මේදය අපේ සිරුරට අවශෝෂණය වෙන එක. මේද තැන්පත්වීමේදී සිරුරේ අනෙක්සා ඉන්ද්‍රියන්ට සාපේක්ෂව උදරය ඇතුළෙ මේදය තැන්පත් වීමේ ප්‍රමාණාත්මක අගය ඉතාම ඉහලයි. අන්න ඒ වගේ උදවියගේ තමයි ඇගට වඩා උදරය ‍ලොකු ශරීර ලක්ෂණ තියෙන්නේ.  වෛද්‍ය විද්යාත්මකව Central Obesity කියලා හදුන්වන මේ තත්වය තියන අය දැක්ක ගමන් අදුනගන්න පුළුවන්.

03 තැන්පත් මේද තට්ටුව
බඩ අඩුකර‍ගන්න කියලා විවිධ දේවල් කරලා දවස් දෙක තුනෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන උදවිය දැනගන්න ඕනම කාරණාව තමයි ඔය ලොකු වෙලා තියන බඩ එක දවසකින් ඇති වෙච්ච එකක් නොවන බව කාලයක් තිස්සේ ඔබ ගන්න ආහාර වල තියන මේද තට්ටුව ටික ටික තැන්පත් වීමේ ප්‍රතිඵලය තමයි ඔය උජාරුවට උස්සන් ඉන්න බඩ. අන්න ඒ නිසා කාලයක් තිස්සේ තැන්පත් වෙලා තියන මේද තට්ටුව දවස් කීපයකින් අඩුකරන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒ වෙනුවෙන් ටික දවසක් ඔබට මහන්සි වෙන්නම වෙනවා. බඩ අඩුකරගන්නවා කියන දැඩි අධිෂ්ඨානයෙන් වැඩේ පටන්ගන්න. තෙල් පිටි සහ සීනි අධික කෑම පාලනය කරගන්න. එදිනෙදා ව්‍යායාම කරන අතරේ බඩටත් දැනෙන්නම ව්‍යායාම කරන්න. රෑට කන ප්‍රමාණය අඩුකරගන්න. මේ විදිහට ඔබ වැඩේ පටන් ගන්න කාලයක් තිස්සේ තැන්පත් මේද තට්ටුව දහනය වෙන වෙනස ටික දවසකින්ම ඔබට දැනෙන්න ගනිවී.

ඔය ඉහතින් කිව්ව පියවර 3 ටඋත්තර දෙන්න පුළුවන් බඩ අඩුකරගෙන ලෙඩ අඩු සැහැල්ලු ජීවිතයකට ඔබට ඉක්මනින්ම යන්න පුළුවන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!