Gossip News

බංග්ලාදේශ සිසුවියක ගිනි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 16 දෙනෙකුට මරණ දඬුවම…

ගුරුවරයෙකු විසින් තමන්ව ලිංගික අපයෝජනයට ලක් කරනු ලැබූ බවට පැමිණිලි කළ බංග්ලාදේශ සිසුවියක ගිනි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 16 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා.

නුස්රත් ජහාන් රාෆි නමැති 19 හැවිරිදි එම සිසුවිය බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට කිලෝමීටර් 160ක් පමණ දුරින් පිහිටි ෆෙනී නමැති ප්‍රදේශයකදී ඝාතනයට ලක්වූයේ, මේ වසරේ අප්‍රේල් මාසයේදී.ප්‍රදේශයේ පොලිස් ස්ථානයට ගිය ඈ තමාට සිදු වූ අකටයුත්ත සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.ඇය මුහුණ පෑ කටුක අත්දැකීම් විස්තර කිරීමට පොලිසිය තුළ ආරක්‍ෂිත ස්ථානයක් ලබා දිය යුතුව තිබෙනවා.නමුත්, ඇය මුහුණ පෑ සිද්ධිය ගැන පවසද්දී අදාළ පොලිස් නිලධාරියා සිය ජංගම දුරකතනයෙන් එය වීඩියෝගත කර තිබෙනවා.

නුස්රත් එම අවස්ථාවේ මහත් අපහසුතාවට පත්ව සිය අත්ලෙන් මුහුණ සඟවා ගැනීමට උත්සහ කරන අයුරු වීඩියෝ දර්ශනවල පැහැදිලිව දැක ගන්න ලැබෙනවා.

ලිංගික අපයෝජනය සිදුකළ බවට චෝදනා ලැබූ පාසලේ ප්‍රධාන ගුරුවරයා සහ ඇය ඉගෙනුම ලැබූ පන්තියේ ඉගෙන ගන්නා සිසුවියන් දෙදෙනෙක් ද වරදකරුවන් අතර වෙනවා.

ඇයගේ ඝාතනයෙන් බංග්ලාදේශය සලිත වී ගිය අතර නුස්රත්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා විරෝධතා මාලාවක් ද ක්‍රියාත්මක වනවා.

සාමාන්‍යයෙන් බංග්ලාදේශ අධිකරණ පද්ධතියේ මෙවැනි නඩු විභාග සඳහා වසර ගණනක් ගත වන අතර මෙය ඉතා කඩිනමින් අවසන් වූ නඩු විභාගයක් විය.

නීතිඥ හෆීස් අහමඩ් මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ, බංග්ලාදේශය තුළ ඝාතනයක් සිදු කර ඉන් ගැලවීමට කිසිවෙකුට නොහැකි බව මෙම නඩු තීන්දුවෙන් තහවුරු වූ බවයි .

මේ අතර, මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව විත්තිකාර පාර්ශවයේ නීතිඥයින් ප්‍රකාශ කළේය.

නුස්රත්ගේ මරණය පිළිබඳ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ, ඇගේ ම පන්තියේ මිතුරන් සහ තවත් ප්‍රබල පුද්ගලයින් පිරිසක් ඇය නිහඬ කිරීමේ කුමන්ත්‍රණයක නිරත වූ බවයි.

අදාළ සිසුවිය අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත වී සිටියදී ඇය ඝාතනය කිරීමට නියෝග කළ බව කියන ෂිරාජ් දොවුලා නමැති පාසලේ ප්‍රධාන ගුරුවරයා ඇතුළු ගුරුවරුන් තිදෙනෙක් අධිකරණය විසින් බ්‍රහස්පතින්දා වරදකරුවන් බවට පත් කරනු ලැබුණා.

මරණ දඩුවම ලැබූ තවත් දෙදෙනෙකු වූ රුහුල් අමීන් සහ මක්සුඩ් අලාම් මේ වන විට බලයේ සිටින අවාමි ලීගයේ ප්‍රාදේශීය නායකයින් දෙදෙනෙක් බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!