Gossip

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් මරුට

මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් හලාවත ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරයෙකු වන 45 වන වියේ පසුව නුවන් සංජීව මෙන්ඩිස්.

ඊයේ (14) රාත්‍රියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා යතුරු පැදියකින් ගමන් කර ඇති අතර ඔහු තම යතුරු පැදිය මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේශයේදී අතුරු මාර්ගයකට හැරවීමට උත්සාහ කර තිබෙනවා. ඒ වන විට ඉදිරියෙන් පැමිණ ඇති ටිපර් රථයක යතුරු පැදිය ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි මාදම්පේ පොලිසිය සඳහන් කරන්නේ.

අනතුරින් තුවාල ලැබූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඔහු මිය ගොස් තිබුණා.

අනතුරට සම්බන්ධ ටිපර් රථය සහ එය පැදවූ අයව මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!