Gossip

දකුණෙන් පාසල් වලට ගෙනාපු අලුත් සංකල්පය මෙන්න

පාසල් ළමුන් මෙච්චරකල් පාසලේ අධ්‍යාපන චාරිකා ගියේ බස් රථවලනේ. හැබැයි ඔන්න ඊයේ ඉඳලා පාසල් ළමයින්ට දුම්රියෙන් අධ්‍යාපන චාරිකා යන්නත් පුළුවන්.

මේ වැඩේ මුළින්ම පටන් ගත්තේ බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයෙන්.

ඒ අනුව ඔවුන්ට හික්කඩුවේ ඉඳලා බදුල්ල දක්වා ගිහින් එන්න විශේෂ දුම්රියක් වෙන් කරලා තියෙනවා.

දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් අනුව තමයි පාසල් දරුවන්ට මේ අලුත් අත්දැකීම ලබාදීලා තියෙන්නේ.

මේ වෙනුවෙන් හික්කඩුව දුම්රිය ස්ථානයේ විශේෂ උත්සවයකුත් පැවැත්වෙලා තියෙනවා. එම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාත් සහභාගී වෙලා තියෙනවා.

මෙම චාරිකාව සඳහා 9,10,11 සහ12 ශ්‍රේණිවල සිසුවියන් 350 ක් හා ආචාර්ය මණ්ඩලයේ 18 දෙනෙක් සහ මව්පියන් කිහිප දෙනෙකුත් එක්වුණා කියලා තමයි අපිට ආරංචි වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!