Gossip News

පොල් කඩන පිහියෙන් ඇන බිරිදව ඝාතනය කළ තිදරු පියාට අත්වුණු ඉරණම..

සුළු බහින් බස්වීමක් දුරදිග ගොස් පොල් කඩන පිහියකින් ඇන සිය බිරිඳ ඝාතනය කළ තිදරු පියෙකුට එරෙහිව තංගල්ල මහාධිකරණයේ පැවති නඩු විභාගයේදී විත්තිකරු වැරදිකරු බවට ඔප්පු වීම හේතුවෙන් තංගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඔහුට පෙරේදා (13) වැනිදා මරණීය දණ්ඩනය නියම කළේය.

මෙලෙස මරණ දඬුවම නියම වුයේ වීරකැටිය, මැදමුලන, මැදගම, වැලිඅතුහේනේ පදිංචි ගොයිගොඩ ගමගේ තිලකරත්න නමැති 51 හැවිරිදි තිදරු පියෙකි. චුදිත රැකියාව ලෙස පොල් කැඞීම සිදුකර ඇති අතර 2012.06.24 වන දින ඔහු සිය බිරිඳ සමග ආරවුලක් ඇති  කරගෙන තිබේ.

එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර ඉන් දැඩි කෝපයට පත්ව ඇති සැමියා සිය පොල් කඩන පිහියෙන් ඇන බිරිඳ ඝාතනය කර තිබේ. පිහි ඇනුමින් ඝාතනයට ලක්ව ඇත්තේ චුදිත තැනැත්තාගේ බිරිද වන 40 හැවිරිදි කංකානම්ගමගේ නිරෝෂා මල්කාන්ති නමැති අයයි. සිද්ධියට අදාළව සැකකරු වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වලස්මුල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් චුදිතට එරෙහිව තංගල්ල පළාත්බද මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. එහිදී පැවති නඩු විභාගයේදී චුදිතට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබු අධිචෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් චුදිතට සිද්ධියෙන් වසර 08කට පසු මරණීය දණ්ඩනය නියම කෙරිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!