Gossip

“පොල්ලෙන් ගැහුවා වගේ කෙල්ල කිව්වා අයියෙ මගෙ කොන්ඩෙ තට්ටෙ ගාන්න ඕනෙ කියලා” – Photos

ජීවිතේ තවත් කෙනෙක් වෙනුවෙන් කැපකිරීමක් කරන්න හැමෝටම බැහැ.
තරුණියකගේ ජිවිතේ වටිනාම සම්පතක් තමයි කොණ්ඩය කියන්නේ.
මේ අපි කියන්න යන්නේ පිළිකා රෝගීන් වෙනුවෙන් තම කෙස් පරිත්‍යාග කළ යුවළක් ගැනයි.
ඒ ගැන මේ විදිහේ සටහනක් තරුණයෙකු විසින් තබා තිබුණා.

ඊයේ දිනයේදී ෆෙබුක් ගිණුමක් තුළ දක්නට ලබූ මෙම සටහන ගැන බොහෝ දෙනෙක් කතා බහට ලක්වුණා… ඒ තරුණ යුවලක් තමන්ගේ සම්පුර්ණ කොණ්ඩය පිළිකා රෝගීන් වෙත පරිත්‍යාග කළ සිදුවීමක් ගැන ඔවුන් දෙදෙනාගේ කොණ්ඩය කැපු පුද්ගලයා දැක්වූ සටහනක්…

මං ජොබ් එක කරන්න පටං අරන් අවුරුදු 7ක් වෙනවා.මේ අවුරුදු 7ටම අද තමයි ජීවිතේ වැඩියෙන්ම සතුටු වුණු දවස ❤

මේ ආදරනීය කපල් එක වැස්සෙ තෙමීගෙනම ආවා පොල්ලෙන් ගැහුවා වගේ කෙල්ල කිව්වා අයියෙ මගෙ කොන්ඩෙ තට්ටෙ ගාන්න ඕනෙ කියලා ? හැරෙන තැපෑලෙන් සුපුරුදු උත්තරේ දුන්නා අනේ නංගියෙ මටනම් බෑ කියලා ? ඇයි හත් ඉලව්වෙ කෙල්ලෙක්ගෙ කොන්ඩෙ තට්ටෙ ගාන්නෙ මොන හිතකින්ද?

අනේ අයියෙ එහෙම කියන්න එපා මම මේ පිළිකා රෝහලට කොන්ඩෙ පරිත්‍යාග කරන්නයි කපන්නෙ කිව්වා? කරපු පව් ටිකක් හරි හේදිලා යන්න කියලා අකමැත්තෙන් උනත් මාත් හා කිව්වා කෙල්ල හරි ආසාවෙන් මේ දේ කලේ…

කොල්ලා ගැනත් කියන්නම ඕනේ…කෙල්ල තට්ටෙ ගාපු නිසා මෙන්න යකෝ මේ යෝධයත් අයියෙ මගෙත් බ්ලේඩ් එකෙන්ම ඇරලා දාන්න කිව්වා.

මල්ලියේ නංගියේ උඹලා දෙන්නගෙ මේ පොඩි වයසට මෙච්චර ලොකු දෙයක කරන්න හිත හදා ගත්තා කියන්නෙ උඹල දෙන්නා උතුම් මිනිස්සු දෙන්නෙක්❤ කවදාවත් වරදින්න එපා කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!