තරු හුට පට

පුජාගේ තැන ඇන්චල්ට ලැබිලා…….

සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ සිවුවැනි චිත්‍රපටය වන ‘ආකර්ෂා’ හි සංස්කරණ කටයුතු  මේවන විට සිදුකරමින් පවතින බව දෙරණ ගොසිප් වෙත වාර්තා වෙනවා‍.

මේ චිත්‍රපටයේ විශේෂ දෙයක් තමයි මෙහි ප්‍රධාන නිළියට රඟපාන්න ඉඳළා තියෙන්නේ ලංකාවේ මේ වන විට ජනප්‍රිය නිළියක් වන පුජා උමාශංකර්.

නමුත් කිනම් හෝ හේතුවක් නිසා පුජාට එම චරිතය අහිමි වී තිබෙනවා.

ඒ අනුව සුනෙත් මේ සිනමා පටයේ ප්‍රධාන නිළියට තෝරාගෙන ඇත්තේ ලංකාවේ උපන් තවත් බොලිවුඩ් නිළික් වන අන්චල් සිං (Anchal Singh)ය.

ලංකාවේ උපන් ඇන්චල් සිං ලංකාවේ උපත ලබා ඉන්දියාවේ දිල්ලි නුවර ජීවිත් වු කෙනෙකි.

අන්චල් මීට පෙරද සිංහල සිනමා පටකට දායකවී සිටි අතර ඇය එසේ දායක වූයේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ යශෝධරා දේවියගේ චරිතයටය.

යුද හමුදාපතිවරයාගේ පුත්‍රයා වන යසස් රත්නායක මේ සිනමා පටයේ ප්‍රධාන නළුවාගේ භූමිකාවට පණපොවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!