Gossip

පුංචි මල් කැකුළ බිළිගත් පාපතරයාව එල්ලා මරා දමයි – ඡායාරූප මෙන්න

හය හැවිරිදි පාකිස්ථාන දැරිය දූෂණය කර මරා දැමූ සිද්ධියේ වරදකරු වූ 24 හැවිරිදි ඉම්රාන් අලි නමැත්තාට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.
අන්සාරිගේ පියා ඇතුළු ඥාතීන් ඉදිරියේ අලිගේ අද (17) උදෑසන ලාහෝරයේ කොට් ලක්හ්පට් බන්ධනාගාරයේදී එල්ලා මරා දැමූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය ජනාවරි 4 වන දා පකිස්ථානයේ කසූර් නගරයේදී සයිනබ් අන්සාරි දැරිය අතුරුදන් වූ අතර ඉන් දින 5කට පසු ඇයගේ නිසල දේහය සොයා ගැණුනා.
ඒ් නගරයේ කසළ ගොඩක තිබියදීයි.
දැරියගේ ඝාතනයට ඉම්රාන් අලි නමැති 24 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනුණු අතර පෙබරවාරි මාසයේදී චූදිතයාට පකිස්ථාන අධිකරණය මරණ දඬුවම නියම කළා.
ඉම්රාන් අලීට පැනවුණු මරණ දඬුවමට එරෙහිව අලි අභියාචනා කළ ද අධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබුණා.
අන්සාරිගේ පියා පවසා තම අදාරණීය දියණියට අපාරාධය සිදු කළ ඝාතකයාගේ අවසන් මොහොත සියසින් දැක ගැනීමට හැකිවීමෙන් තමා සෑහිමකට පත් වූ බවයි.
අන්සාරිගේ ඥාතීන් ඝාතකයා ප්‍රසිද්ධියේ එල්ලා මරා දමන ලෙස ඉල්ලීමක් කර තිබුණ ද අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.
මේ අතර පසුගිය අවුරුදු දෙක ඇතුළත කසූර් නගරයේ දැරියන් 6 දෙනෙකුට වැඩි පිරිසක් මෙලෙස ඝාතනය කර තිබූ අතර එම ඝාතන සම්බන්ධයෙන් ද පසුව අන්සාරිට අපරාධය සිදු කළ අලි ම වරදකරු විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!