Gossip

‘‘පී.සී.ආර්. කරන්න ඕනෑ’’ පී.එච්.අයි. වෙස්ගෙන පෙත්තක් බොන්න දීලා

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් යැයි පවසමින් මහව ප‍්‍රදේශයේ නිවසකට පැමිණි තිදෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් එම නිවස කොල්ලකා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවා.
අදාළ නිවසට පෙරේදා සවස් කාලයේ පැමිණි කොල්ලකරුවන් තිදෙනා පීසීආර් පරීක්‍ෂණය සිදු කිරීමට පෙර පානය කරන ලෙස පවසා නිවසේ සිටි අයට කුඩා පෙත්තක් ලබාදී ඇති අතර එය පානය කිරීමෙන් පසු නිවැසියන් සියලූ දෙනා නින්දට වැටී ඇත.
ඔවුන් යළි නින්දෙන් ඇහැරී පියවි සිහිය ලැබ ඇත්තේ ඊයේ උදෑසන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ඒ අතරතුර කාලයේ කොල්ලකරුවන් නිවසේ තිබූ පවුම් තුනහමාරක් පමණ වූ රන් ආභරණ කොල්ලකා පලාගොස් තිබේ. මෙම කල්ලියේ සිටි තිදෙනා අතරින් එක් පුද්ගලයකු කාන්තාවක ලෙස හැසිරී ඇති බවද නිවැසියන් සඳහන් කළේ යැයි පොලිසිය පවසයි. පොලිසිය සෞඛ්‍ය බලධාරීන්ගෙන් කළ විමසීමකදී කොරෝනා වෛරසය ආසාදනය වී තිබේදැයි දැනගැනීම සඳහා සිදු කරන පීසීආර් පරීක්‍ෂණයේදී කිසිවිටකත් ඖෂධ පානය කිරීමට නොදෙන බව පැවසුවේ යැයි ද කී අජිත් රෝහණ මහතා, මේ අනුව මෙම වසංගත කාලයේ කල්පනාකාරීව කටයුතු කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහව පොලිසිය විශේෂ පරීක්‍ෂණයක් අරඹා ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!