Gossip

“පිරිමි නිසාම තමයි මම මේ තත්ත්වයට වැටුණේ. ව්‍යාපාරිකයන් මෙන්ම දේශපාලනඥයන් පවා මාව හොයාගෙන එනවා. පොලිසියේ අයත් හිතුණු ගමන් ඇවිත් බලෙන් අරන් යනවා”

ඇය දෙදරු මවකි. ගණිකා වෘත්තීය ඇයගේ ජීවිකාව බවට පත් විය. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි ඇය ගෝතමී නම් වන්නීය.
“අපිට අසාධාරණය සිද්ධ වෙන්නේ සමාජයෙන්ම තමයි. සමාජය ම තමයි අපිව පොලිසියට යොමු කරන්නේ. මම දරුවොත් එක්ක බස් හෝල්ට් එකක හිටියත් සමහරු පොලිසියට දැනුම් දෙනවා. මම ඒ වෙලාවේ ගණිකා වෘත්තීය කරන්නේ නැහැනේ.”
පොලිස් භාරයට පත් වූ විට තමන්ට මුහුණ දෙන්නට සිදුවන වාතාවරණය පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ නැවත සමාජයට මුහුණ දීමට නොහැකි තත්වයක් උදා කෙරෙන බවය.
“පොලිසියේදී අපිට තියෙන්නේ අන්තිම පහත් ම සැලකීමක්. අන්තිම කැත විදියට තමයි අපිට සලකන්නේ. උසාවියට ගියාම එතැනදී ඒ ගොල්ලෝ කෑ ගහල කියනවා නඩුකාරයට මෙයා ‘ගණිකා නිවාසයක් පවත්වාගෙන යනවා’ කියල. එතන පන්සීයක් සෙනග හිටියොත් ඒ ඔක්කොම මගේ දිහා බලනවා. ඊට පස්සේ පාරේ ගිහිල්ල ඉවරයි.”
පන්සලකට යන්නෙත් බයෙන්. අපිත් මිනිස්සු. මිනිස්සුම තමයි අපිව අරන් යන්නෙත්
‘අපි දෙයියොද?’
ඇය දෙස වපර ඇසින් බලන සමාජය දෙස ඇය බලන්නේ මේ අයුරිනි.
“පන්සලකට යන්නෙත් බයෙන්. කෝවිලකට ගියත් අන්න අර ගෑනි කෝවිලට ඇවිල්ල කියනවා. දෙයියෝ ගාව නෙවෙයි ඇස් තියෙන්නේ. අපි දෙයියොද? අපි දිහා ඇස් දෙක තියෙන්නේ. එහෙම බලන්න එපා. අපිත් මිනිස්සු. මිනිස්සුම තමයි අපිව අරන් යන්නෙත්.” ගෝතමී ප්‍රකාශ කළාය.
ඉහළ පෙළේ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් මෙන්ම දේශපාලනඥයන්
කෙසේ නමුත්, ලිංගික සේවය සපයන සෑම කාන්තාවක් ම එම තත්වයට මුහුණ නොදෙනු ඇත. සමාජයේ ඉහළ ස්තරයට සේවය සපයන තරුණියක ද අප හා අදහස් දැක්වීමට එකඟ විය.
තමන් ගේ සැබෑ නම මාධ්‍ය ඔස්සේ හෙළි නොකරන ලෙස ඉල්ලීමක් කළ ඇය කියා සිටියේ ඇතැම් ගනුදෙනුකරුවන් ඉදිරියේ තමන් පෙනී සිටින්නේ අන්වර්ථ නාමයකින් බවය.
වෘත්තියෙන් ඇය පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වන්නීය.
මාස හයකට වීස දෙනවනේ. එහෙ ‘බ්‍රොතල් හවුස්’ දෙකක් රන් කරන ආන්ටි කෙනෙක් මම දන්නවා
“මට ඉන්න ක්ලයන්ට්ස්ල යන්නේ ෆයිව් ස්ටාර් තැන්වලට. ඒ වගේ තැන්වලට පොලිසිය එන්නේ නැහැ. ඒ නිසා එහෙම ප්‍රශ්න මට නම් නැහැ.”
ඉහළ පෙළේ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් මෙන්ම දේශපාලනඥයන් පවා තම සේවය ලබා ගන්නා බව ඇය හෙළිදරව් කළාය.
“පොලිසියෙන් තමයි වැඩිම අසාධාරණය සිද්ධ වෙන්නේ. පොලිසියේ අයට හිතුණු ගමන් ඇවිල්ලා අපිව බලෙන් අරන් යනවා”

“බ්‍රොතල් හවුස්දෙකක් රන් කරන ආන්ටි කෙනෙක්”
වැඩි මුදලක් උපයා ගැනීම සඳහා ඇය ඉඳ හිට වෙනත් රටකට යන බව ද ඇය පවසන්නීය.
“මට උදව් කරන කෙනෙක් ඉන්නවා. එයත් එක්ක තමයි මම මුලින් ම ලන්ඩන් ගියේ. පස්සේ මම තනියෙන් යනවා. එහෙ අපිට ආරක්ෂාව වැඩියි. කවුරුවත් හොයන්නේ නැහැනේ අනුන් ගැන.”
ඇයගේ ජීවන රටාව නොවෙනස් ව පවත්වාගෙන යාම සඳහා වැඩි මුදලක් උපයා ගැනීම අත්‍යවශ්‍ය වන බව ඇයගේ අදහසයි.
“මාස හයකට වීසා දෙනවනේ. එහෙ ‘බ්‍රොතල් හවුස්’ දෙකක් රන් කරන ආන්ටි කෙනෙක් මම දන්නවා. මාස දෙක තුනක් වැඩ කළත් හොඳ ගානක් හම්බ කරගෙන එන්න පුළුවන්.”
මගේ දරුවා ඉගෙන ගන්නේ ඉන්ටනැෂනල් ස්කූල් එකක. ඒ වියදම් දරන්න බැහැ මට මෙහෙ සාමාන්‍ය රැකියාවක් කරල.” ඇය පැවසුවාය.

තම විවාහ දිවිය හෝ ස්වාමි පුරුෂයා පිළිබඳව කිසිවක් ප්‍රකාශ කිරීම ඇය ප්‍රතික්‍ෂේප කළාය.
මාධ්‍යකාරයෝ ගණිකා නිවාස වැටලුවා කියල මහා කැත විදියට ඒකට ප්‍රචාරය දෙනවා. පාරේ බැහැල යන්න බැරිවෙන විදියට ඒක ගහල දානවා
ශ්‍රී ලංකාව තුළ නීතිගත නොවන නමුත් සේවා සැපයෙන සමාජ ස්තරය අනුව ලිංගික ශ්‍රමිකයන් මුහුණ දෙන අත්දැකීම් හාත්පසින් ම වෙනස් බව ඉහත කාන්තාවන් දෙදෙනාගේ ප්‍රකාශ මගින් පැහැදිලි වෙයි.
මේ පිළිබඳව විමසීමේ දී වැල්ලම්පිටියේ වෙසෙන කාන්තාවක කියා සිටියේ ගණිකා වෘත්තීය නීතිගත කිරීම මගින් ඊට විසඳුම් ලැබෙන බවකි.

“මාධ්‍යකාරයෝ”
“මගේ ඉල්ලීම මේකයි. ගණිකා වෘත්තීය කවදාවත් කිසිම රටක නවත්වන්න බැහැ. ඒ නිසා තමයි සමහර රටවල් ඒක නීතිගත කරල තියෙන්නේ. ලංකාවෙත් මේක නීතිගත කරන්න එතකොට අපිට මේ අසාධාරණය සිද්ධවෙන්නේ නැහැ. අපරාධත් අඩුවෙනවා.”
ඇය තවදුරටත් කියා සිටියේ “කාන්තාව විතරයි මේකට වන්දි ගෙවන්නේ. මාව ගණිකාවක් කළේ පිරිමි. පිරිමි තමයි ඇවිත් අපිව ගන්නේ. මාධ්‍යකාරයෝ ගණිකා නිවාස වැටලුවා කියල මහා කැත විදියට ඒකට ප්‍රචාරය දෙනවා. පාරේ බැහැල යන්න බැරිවෙන විදියට ඒක ගහල දානවා,” යනුවෙනි.
කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි තවත් කාන්තාවක් කියා සිටියේ තමන් පළමුවරට පොලිසියට කොටු වීමෙන් පසුව දීර්ඝ කාලීන ප්‍රශ්නවලට මුහුණ දුන් බවය.
පොලිසියේ අයට හිතුණු ගමන් ඇවිල්ලා අපිව බලෙන් අරන් යනවා
“පොලිසියෙන් තමයි වැඩිම අසාධාරණය සිද්ධ වෙන්නේ. පොලිසියේ අයට හිතුණු ගමන් ඇවිල්ලා අපිව බලෙන් අරන් යනවා.”
“කසාද බැන්දට පස්සේ මම මේ රස්සාව නැවැත්තුවා. එහෙම ඉන්නකොටත් මාව පොලිසියෙන් අරන් ගියා. මම පිටකොටුවට ගියේ එතන වෙළඳාමක් කරන මගේ මනුස්සය හම්බ වෙන්න.” නම හෙළි කිරීමට අකමැති වූ ඇය පැවසුවාය.

උපුටා ගැනීම – බීබීසී පුවත් සේවය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!