Gossip

පියාගේ ලොතරැයි දිනුමෙන් පසු සොරකමට සමුදීමට සිටි හොර අන්තිම මොහොතේ කොටුවෙයි

තම පියාට ලොතරැයි පතකට දිනුම් ඇදුනු රුපියල් දස ලක්ෂයේ ත්‍යාග මුදල ලැබුණු පසු මෝපේඞ් යතුරුපැදි සොරකම් කිරීම නතර කිරීමට අපේක්ෂාවෙන් සිටි බව කියන තරුණයකු මේ මස 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැකිරාව මහෙස්ත‍්‍රාත් නිලන්ත විමලරත්න මහතා නියෝග කළේය.

කැකිරාව කලාවැව විජිතපුර දෙවෙනි පටුමග ප‍්‍රදේශයේ පදිංචි කේ. එච්. චමත් කණිෂ්ක නමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි.

කැකිරාව ඇතුළු අවට ප‍්‍රදේශවලදී ඉකුත් වසරේ සිට ඉකුත් 23 වෙනිදා දක්වා කාලය තුළ මෝපේඞ් යතුරුපැදි දහයක් සොරකම් කොට ඇති සැකකරු සුපුරුදු පරිදි ඔහු ඉකුත් 23 වෙනිදා කැකිරාව පොලිසියට නුදුරින් පිහිටි වෙළෙඳ සැලක් අසල නතර කොට තිබු මෝපේඞ් යතුරු පැදියක් සොරකම් කොට තිබිණි.

මේ සම්බන්ධයෙන් එකී මෝපේඞ් යතුරු පැදියේ හිමිකරු කැකිරාව පොලිසිය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රියන්ත ඇල්ලේපොළ මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වූ පොලිස් නිලධාරින් අනාවරණයකර ගත් තොරතුරු ඔස්සේ සොරකම් කළ මෝපේඞ් යතුරුපැදිය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව තවදුරටත් සිදු කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ තොරතුරු මත සැකකරු විසින් 2019 වසරේ සිට මේ දක්වා සොරකම් කරන ලද තවත් මෝපේඞ් යතුරු පැදි නවයක් විවිධ පුද්ගලයින්ට විකුණා තිබියදී පොලිසිය විසින් සොයා ගෙන ගෙන තිබේ.

තම පියා මීට දින කීපයකට පෙර මිලදී ගත් ලොතරැයි පතකට රුපියල් දස ලක්ෂයක දිනුමක් ඇදුනු බවත් එම මුදල ලැබුණු පසු තමාට රුපියල් ලක්ෂයක මුදලක් පියා විසින් ලබා දෙන බවට දුන් පොරොන්දුවට අනුව මෝපේඞ් යතුරු පැදි සොරකම් කිරීම නතර කිරීමට සුදානම්ව සිටි බවත් පොලිසිය සිදු කළ වැඩිදුර ප‍්‍රශ්න කිරීම් හමුවේ ප‍්‍රකාශ කොට ඇත.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!