Gossip

පිපිරීම්වලින් මියගිය ගණන 310 දක්වා ඉහළට.. තුවාල ලැබූවන් 500 ඉක්මවයි. – Photos

පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවලකරුවන් 500ක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.

එමෙන්ම මෙම ප්‍රහාරය හේතුවෙන් විදේශ ජාතිකයින් 31 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බව වාර්තා වනවා.

එමෙන්ම මෙරටට පැමිනි විදේස් සංචාරකයින් 14කු අතුදන් වී සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

පිපිරීම් සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් 24දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම එදිනම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ ආඩිඅම්බලම මාර්ගයේ තිබී පුපුරණ උපකරණයක් හමු වු අතර ගුවන් හමුදා භට පිරිසක් විසින් එය නිෂ්ක්‍රිය කළා.

ඊට අමතරව ඊයේ (22) දිනයේදිද කොච්චිකඩේ දේවස්ථානයේ මරාගෙන මරේන ප්‍රහාරය එල්ල කළ සැකකරු පැමිනි වෑන් රථය කොටහේන ප්‍රදේශයේදි සොයා ගත් අතර එහි තිබි හමු වු බොම්බයද ආරක්ෂ අංශ නිෂ්ක්‍රිය කිරීමට සමත්වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!