Gossip News

පිත්තල බඩු විකුණන්න කියලා ඇවිත් 72500 රන් මාළයක් සොරාගෙන – වීඩියෝ

හක්මණ නගරයේ ස්වාර්ණාභරන අලෙවි සැලකට ඊයේ (30) උදැසන පිත්තල බඩු විකුණන මුවාවෙන් පැමිණි පුද්ගලයෙකු වෙළදසැලේ විකිණිමට තබා තිබු රුපියල් 72500 ක් වටිනා රන් මාළයක් සොරාකම් කොට පළා ගොස් තිබෙනවා.
වෙළදසැල් හිමිකාරිය වෙළදසැලේ ඉදිරියට ගමන් කරන ලද අවස්ථාවේදි මෙම රන් මාළය සොර ගෙන ඇති අතර ඒලෙස රන් මාළය සොරාකම් කරනු ලබන ආකාරය වෙළද සැලේ සවි කර තිබු ආරක්ෂක කැමරා වල සටහන් වි තිබෙනවා.මේ පිළිබදව හක්මණ පොලීසියට කරන ලද පැමිණිල්ලට අනුව වහා ක්‍රියාත්මක වු හක්මණ පොලීසියේ පොලිස් නිලධාරින් ආරක්ෂිත කැමරා පරික්ෂා කොට ඊයේ සවස වන විට මාලය සොරකම් කරන ලද පුද්ගලයා බෙලිඅත්ත ප්‍රදේශයේදි අත් අඩංගුවට සමත් වුණ බවට වාර්තා වෙනවා.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක් වන පුද්ගලයෙකු වන අතර ඔහු සන්තකයේ තිබි සොරාගත් රන්මාලය සොයාගන්න පොලිස් නිළධාරින්ට හැකිවෙලා තියෙනවා.සැකකරු අද (31) දින දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!