Gossip

“පිටිපස්සේ දොරෙන් ඇවිත් බය කරනවා..හරිම සංවේදී කෙනෙක්.. එයාට නිතරම දුක හිතෙනවා” දෙවැනි ඉනිමේ මයික් ගැන බිරිඳ දිලූකා හෙළිකරයි

දෙවැනි ඉනිමේ මයික් කියන්නේ කවුරුත් දන්න රසික ආදරය ඉහළින්ම දිනාගෙන ඉන්න චරිතයක්.
මයික් එහෙමත් නැත්නම් දෙනුවන් සේනාධි ගැන ඔහුගේ බිරිඳ දිලූකා ධනපාල මේ විදිහට සතිඅන්ත පුවත්පතකට හෙළි කරලා තිබුණා.

පෙම්වතා කාලේ දෙනුවන්
ඒ කාලෙත් එයා හරිම හොඳයි. හම්බවෙන්න ඕන වුණාම වුණත් එයා තමයි මුලින්ම ඇවිල්ලා ඉන්නේ.
5.30ට එන්න කිව්වොත් වෙලාවට ඇවිල්ලා මම එනකල් හරි ඉන්නවා. මාව ඒ කාලෙත් හොඳට බලාගත්තා.

සැමියෙක් වුණාම
එයා දැන් චුට්ටක් බිසීනේ. ඒක නිසා ගෙදර ඉන්න කාලේ අඩුයි. තාමත් මං ගැන ගොඩක් හොයලා බලනවා. දෙනුවන් හරිම කලබලයි. මොකද දැන් ගොඩක් ජනප්‍රියයිනේ.

තාත්තා කෙනෙක් විදියට
දුවට ගොඩක්ම ආදරෙයි. දුව ගැන ගොඩක් හොයලා බලනවා. දුව තමයි දැන් දෙනුවන්ගේ ජීවිතේ අංක එක.
දෙවැනි ඉනිමේ මොකක් හරි වුණාම හැම තිස්සේම අඬන්න යන ගතිය එයාට තියෙනවනේ.
උදේට නැඟිටලා බබා දෙනුවන්ගේ මූණ දිහා බලන්නේ නැති වුණාමත් එහෙමයි. අද මෙයා මගේ මූණ බලන්නේ නෑනේ කියලා හරිම අප්සට් එකේ ඉන්නවා. රෑට ඇවිල්ලත් බබා නිදි වෙලාවට ඇහැරවන්න හදනවා.

පවුලේ වැඩ කටයුතුවලට දෙන දායකත්වය
අම්මාට උදවු කරනවා. බබා වඩාගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට දුව එක්කමයි ඉන්නේ.
දවසක් දෙකක් විතර මට කුස්සියේ වැඩවලට උදවු කරන්නම් කියලා ආවා. හරිම කලාතුරකින් තමයි කුස්සියේ වැඩවලට උදවු කරන්නේ.

ගෙදරදී සීරියස් චරිතයක්ද? විනෝදකාමී චරිතයක්ද?
ගෙදරදී ටෙලි නාට්‍යවල ඉන්නවා තරම් විහිළු කරන්නේ නැහැ.
සීරියස් වෙනවා. ඉඳලා හිටලා විහිළු කරනවා. ෂූටිං ඉවර වෙලා ගෙදර එන්න රෑ වෙනකොට පිටිපස්සේ දොරෙන් ඇවිල්ලා අපේ අම්මාව බය කරනවා සමහර වෙලාවට.

පෙම්වතා, සැමියා, තාත්තා කියන භූමිකා අතරින් දෙනුවන් කොයි භූමිකාවද වැඩිපුරම හොඳට නියෝජනය කරන්නේ?
මම හිතන විදියට තාත්තා තමයි හොඳම. මොකද දෙනුවන් දුවට ගොඩක් ආදරෙයි. තාත්තා කෙනෙක් විදියට වගකීම් දරන්න පුළුවන් එයාට. එයා ආදරණීය තාත්තා කෙනෙක්.

දෙනුවන්ට වගකීම් දරන්න පුළුවන්ද?
එයාට වගකීම් දරන්න පුළුවන්. හැම තිස්සේම දෙයක් ගැන හොඳට හිතනවා. ඉදිරිය ගැනත් හිතලා තමයි එයා වැඩ කරන්නේ.

දෙනුවන් නළුවෙක් විදියට සාර්ථකයිද?
ඔව්. දෙනුවන්ගේ රඟපෑම තාත්විකයි. එයා රඟපාන දේවල්වලට බලෙන් හිනා වෙන්න ඕනේ නෑ. එයා කට ඇරියත් හිනා යනවා.

වැඩි තැනක් දෙන්නේ කලාවට ද පවුලටද?
කලාවට තමයි මුල් තැන දෙන්නේ. හැබැයි ගෙදර ආවාම සැනසීමෙන් ඉන්න පුළුවන් කියලා කියනවා. මොකද ෂූට් එකකදී ඉන්නේ ස්ට්‍රෙස් එකේ නිසා.
ගෙදර ගැනත් හිතනවා හරියට. බබා හම්බවෙන්න යන වෙලාවෙ එයා මගේ ළඟට ආවේ නෑ.
එයා ඒ තරම් බයයි. අන්තිමට බබා හම්බවුණාම ඩොක්ටටයි, බබාටයි දෙන්නටම වඳින්න වගේ හිටියේ. එයා ඒ තරම් පවුල ගැනත් හිතනවා.

දෙනුවන්ට වැඩිපුරම ගැළපෙන්නේ මොන වගේ චරිතද?
එයාට ගැළපෙන්නේ විහිළු චරිත තමයි. එයාට ඒක ජන්මයෙන්ම ඇවිල්ලා තියෙන්නේ. වචනයක් කිව්වත් එයා ඒක අනික් පැත්තට බාර ගෙන විහිළුවක් කරනවා.

දෙනුවන්ට වැඩියෙන්ම ආකර්ෂණය තියෙන්නේ
මං හිතන්නේ හැම වයසක අයගෙන්ම එයාට ආකර්ෂණය තියෙනවා. බබා හම්බවෙන්න ඉද්දි අපි කළුතර පන්සලට ගියා. එතැනදීත් පොඩි ළමයි, තරුණ අය ඇවිල්ලා මයික් අයියා කියලා කතා කළා. කොහේ ගියත් එයාට හැමෝගෙන්ම ප්‍රතිචාර ලැබෙනවා.

කැමැතිම නිළියෝ
කත්‍රිනා කයිෆ්ට තමයි ගොඩක්ම කැමැති. කාජල්ටත් කැමැතියි.

දුක හිතුණම මොකද කරන්නේ.
දුකක් හරි මොකක් හරි ප්‍රශ්නයක් හරි ආවොත් සද්ද නැතුව ඉන්නවා. මටත් ඒ දුක දෙන්න බෑ කියලා තමයි දෙනුවන් එහෙම කරන්නේ. පොඩි ළමයෙක් වගේ තමයි ප්‍රශ්නයක් ආවම. ඒ ප්‍රශ්නේ භාගෙට හරි විසදගෙන තමයි මට කියන්නේ.

සතුටෙන් ඉද්දී
සතුටු හිතුණම හැමෝටම කියනවා. ඒ සතුට දෙනුවන්ගේ අම්මා එක්කත් කියනවා.
කෑම කන වෙලාවට තමයි කට්ටියටම එන්න කියලා ඒ කතා කියන්නේ. එයා එයාගේ අම්මට හරි ආදරෙයි.
කසාද බැන්දා කියලා වෙනසක් නෑ. තාම එයා අම්මට හුඟක් ආදරෙයි.

කේන්ති ගියාම
කේන්ති ගියාම වැඩිය කතා කරන්නේ නෑ. මඟඇරලා යනවා. සමහර වෙලාවට මට මොනවාහරි කියනවා.
ඒ වෙලාවට මට තේරෙනවා මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නේ කියලා.

ක්ෂේත්‍රයේ ළඟින්ම ආශ්‍රය කරන අය
සමන් එදිරිමුණි, සාරංග ඒ වගේම චබීවත් ගොඩාක් ළඟින් ආශ්‍රය කරනවා.
දිල්ෂාන් අමරසිංහ, ශර්මිලා ධර්මරාසාවත් ළඟින් ආශ්‍රය කරනවා. එයාව නිවේදකයෙක් කළේ ඒ ගොල්ලෝ තමයි. විශ්වත් එයාට හොඳට ගැළපෙනවා.

ඇවිදින්න කැමැති තැන්
සීගිරිය, අනුරාධපුරය වගේ තැන්වලට යන්න තමයි වැඩිපුරම කැමැති.

නිවාඩුවක් ලැබුණාම මොකද කරන්නේ
නිවාඩුවක් ලැබුණම ගෙදරට වෙලා ඉන්නවා. නිදහසේ ඉන්න දෙනුවන් හරිම කැමැතියි.
එක දිගට ෂූටිං නිසා මහන්සිත් ඇතිනේ ඉතිං.

දෙනුවන් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන ගතිගුණ
අවංකකම තමයි එයා ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. එක තැනක එකක් කියලා වෙන තැනක තව එකක් කියන අයට එයා කැමැති නෑ.

දෙනුවන් කරන්න අකැමැති දේවල්
තව කෙනකුගේ හිත රිදවන්න අකැමැතියි. පව්නේ කියලා හිතලා පුළුවන් තරම් කෙනෙක්ගේ හිත රිද්දන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා.

තෑගි විදියට ලබන්න කැමැති දේවල්
සුවඳ විලවුන්, වොච් වගේ දේවල්වලට ගොඩක් කැමැතියි. හැබැයි චොක්ලට්වලට තමයි ගොඩක්ම කැමැති. සීනි වැඩියි කියලා නවත්තන්න හැදුවත් හරි ආසයි ඒවා කන්න.

ෆැෂන්වලට තියෙන කැමැත්ත
ලොකුවට ෆැෂන් කරන කෙනෙක් නොවෙයි. එයා ඩෙනිම්, ටීෂර්ට්, ඩෙක්ෂූස් වගේ දේවල් තමයි වැඩිපුරම අඳින්නේ, පලඳින්නේ. රබර් සෙරෙප්පු එහෙමත් දානවා.

දෙනුවන් ගැන අපි නොදන්න රහස
දෙනුවන් හරිම සංවේදී කෙනෙක්. එයාට නිතරම දුක හිතෙනවා. ඒ වගේම තමයි හරිම හිත හොඳයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!