Gossip

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයට පෙර දිනයේ අයිඑස් සංවිධානයේ ගිණුමකට මිලියන ගණනක තැන්පතුවක්

පසුගිය පාස්කු ඉරිදා දිනයේ සිදුවූ ප්‍රහාරයට පෙර දිනයේ අයිඑස් සංවිධානයේ බිට්කොයින්ස් ගිණුමට එක්වරම අසාමාන්‍ය ලෙස විශාල මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බවට ඊශ්‍රායල බුද්ධි සේවාවක් අනාවරණය කර තිබෙනවා.

අදාල ගනුදෙනු සියල්ල කැනඩාවට අයත් දූපතක සිට ක්‍රියාත්මක වන සමාගමක් හරහා සිදුව ඇති බවද දැක්වෙනවා.

ඒ අනුව අදාළ ගිණුමේ ශේෂය ඇමෙරිකානු ‌ලක්ෂ 5 සිට ඇමරිකානු ඩොලර් මිලියන 4.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ව වයිට්ස්ට්‍රීම් නම් අදාල බුද්ධි සේවාව උපුටා දක්වමින් ඊශ්‍රායල ව්‍යාපාරික වෙබ් අඩවියක් අනාවරණය කරනවා.

ප්‍රහාරය එල්ල වූ දින ගිණුමේ ශේෂය යළි ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ක දක්වා පහත වැටී ඇති බවත් එය පසුගිය මාස 9 පුරාම එම ගිණුමේ පැවති ශේෂය බවත් දැක්වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!