Gossip

පාසල් නොගිය පුතු බයකරන්න බොරුවට ගිනි තියාගන්න හදපු අම්මා මියගිහින් – සංවේදි කතාව මෙන්න

පාසල් යාම සඳහා අලසවී සිටින 15 හැවිරිදි තම එකම පුතාව යහමගට ගැනීමට ඔහු ඉදිරියේ සියදිවිනසා ගන්නා ලෙස පෙන්වීමට උත්සාහ කළ 58 හැවිරිදි මවක් ගිනි තබාගෙන මියයාමේ පුවතක් බිංගිරිය පනාවැව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් සිටියේ බිංගිරිය පනාවැව ප්‍රදේශයේ පදිංචි කාංචන මාලාගේ කමලාවතී නැමැති එක්දරු මවකුයි.

මින් පෙර තුන්වතාවක්ම සිය පුතු ඉදිරියේ දිවිහානි කර ගැනීමට ඇය උත්සාහ කර තිබෙනවා.

පසුගිය දිනෙක පුතා පාසල් යාම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ ඔහු බිය වැද්දවීම සඳහා ඔහු ඉදිරිපිටම භූමිතෙල් හලාගෙන මෙලෙස දිවිහානි කරගෙන තිබෙන බවටයි වාර්තාව වන්නේ.

අදාළ සිදුවීම පිළිබඳ මියගිය කාන්තාවගේ සැමියා පවසා තිබුණේ මෙවන් කතාවක්.

මියගොස් ඇත්තේ මගේ බිරිඳයි. අපට එක පුතෙක් ඉන්නවා. පොඩි කාලෙ ඉඳලම ඔහු පාසල් යන්න කම්මැලියි. ඒ වගේම දඩබ්බරයි. මේනිසා නිතර අම්මයි පුතයි අතර රණ්ඩු ඇතිවෙනවා. මේ නිසා පොලිසියටත් ගෙනගොස් අවවාද කරලා තියෙනවා. නමුත් පුතා හැදුනේ නෑ. මේ නිසාම විවිධ අවස්ථාවල පුතාට පේන්න බිරිඳ දිවිනසා ගැනීමට 03වරක්ම උත්සාහ කරලා තිබ්බා. එක් වතාවක් ගිනි තියාගන්න උත්සාහ කළා. මේ කිසිවක් නිසා පුතා හැදුනේ නෑ.

මම පාසලක මුර වැඩක් කරනවා. සිද්ධිය වුණ දිනයේ උදේ 05.45 ට විතර මම සේවය නිමකරලා ගෙදර ආවා. එවිට බිරිඳ ගෙදර තිබූ මුදල් වගයක් නැතිවී ඇති බව කෑගසමින් සිටියා. මම මුදල් ගත්තද ඇහුවාම මම නෑ කිව්වා. පුතාගෙනුත් ඇහුවා. ඔහුත් ගත්තේ නෑ කිව්වා. එහෙම නම් මම පොලිසි යනවා කියලා බිරිඳ කියද්දී එහෙම නම් මම පාසල් යන්නෙත් නෑ කියලා පුතා ඇඳුම් ගැලෙව්වා. බිරිඳ ඔහු ලඟට ගොස් වැඳලා කිව්වා පාසල් යන්න කියලා. ඔහු යාළුවෙක් බලන්නම් කියලා ගෙදරින් එළියට බැස්සා….

උඹට සේරමට වඩා ලොකු යාළුවෝ තමයි කියලා බිරිඳ කුස්සයි දෙසට ගොස් එහි තිබූ ලීටර් දෙකක් පමණ භූමිතෙල් කෑන් එක අරගෙන ඔළුවේ හලාගෙන ගිනිතියා ගත්තා. මා කෑ ගසමින් ගොස් ගින්න නිවන්න උත්සාහ කළා. ඒ වෙලාවේ පුතත් දුවගෙන ඇවිත් ගින්න නිවා දැමුවා. බිරිඳව ඊටපස්සේ බිංගිරිය රෝහලට අරන් ගියා. ඒ ගෙනියන අතරේ ඇය මගෙන් ඇහුවා මගේ මූණ ගොඩක් පිච්චිලාද කියලා. පුතා බය කරන්නයි එහෙම කළේ කියලා ඇය කිව්වා. බිරිඳ බිංගිරිය රෝහලෙන් නැවත හලාවත රෝහලට මාරු කළ අතර පසුදින ඇය මියගියා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!