Gossip

පාලිත තෙවරප්පෙරුම මහතා හදිසි අනතුරකින් රෝහල් ගත කරයි

සමාජ සවිබල ගැන් වීමේ සහ සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (11 දා) දහවල් සිය නිවසේදී සිදු වූ හදිසි අනතුරකින් තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

යටදොළවත්ත ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ වත්ත පිරිසිදු කිරීම සඳහා යොදවා තිබූ ඔහුටම අයත් බැකෝ යන්ත්‍රයේ කුල්ල තුනටිය ප්‍රදේශයේ ගැටීමෙන් මෙලෙස අනතුරට ලක්‌ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදු වූ අවස්‌ථාවේ තෙවරප්පෙරුම මහතා අසල රැඳී සිටිනු රියැදුරු ඒ බව දැක නැති අතර බැකෝ යන්ත්‍රයේ කුල්ල වැදීමත් සමඟ පාලිත තෙවරප්පෙරුම මහතා බිම ඇදවැටී තිබෙනවා.

ඊයේ සිය නිවස අවට සුද්ධ පවිත්‍ර කිරීම සඳහා උපදෙස්‌ දෙමින් සේවකයන් සමඟ තෙවරප්පෙරුම මහතා ද සේවයේ යෙදී ඇති අතර අනතුරට ලක්‌ වීමත් සමඟ ඔහු නාගොඩ මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

සුළු තුවාල ලබා ඇති තෙවරප්පෙරුම මහතාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!