Gossip

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බර කිලෝ 42කින් වැඩි වෙලාද?

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ වඩාත්ම කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ විදුලි සෝපානය තුළ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු සිරවීම සම්බන්ධවයි.

මේ නිසා ඔවුන් ඒ සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කළ අතර, මේවනවිට තීරණය වී ඇත්තේ රුපියල් මිලියන 100ක වියදමින් නව විදුලි සෝපාන 10ක් සවි කිරීමටයි.

කෙසේවෙතත් මෙවැනි තීරණයක් ගෙන තිබෙන අවස්ථාවකදී අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සිය ට්විටර් ගිණුම මගින් පාර්ලිමේන්තුවේ විදුලි සෝපාන සම්බන්ධයෙන් සිවිශේෂී කරුණක් හෙලිකර තිබෙනවා.

එකම විදුලි සෝපානයේ ගමන් කළ හැකි පිරිස සම්බන්ධයෙන් ඇති පරස්පර විරෝධී දැන්වීම් දෙක අනුව තමා ව්‍යාකූලත්වයට පත්වන බවයි ඔහු එමගින් සඳහන් කරන්නේ. ඔහු විමසා සිටින්නේ මන්ත්‍රීවරයකුගේ සාමාන්‍ය බර මේවනවිට වැඩිවී ඇතිද යන්නයි.

ස්ථීර ලෙස සටහන් කර ඇති පුවරුවේ සටහන්ව ඇත්තේ පුද්ගලයින් 13 දෙනෙකුට එකවර ගමන්කළ හැකි බව හෝ කිලෝ ග්‍රෑම් 900ක් එකවර රැගෙන යා හැකි බවයි. දැනට සවිකර ඇති තාවකාලික පුවරුවේ සටහන්ව ඇත්තේ ගමන් කළ හැකි පිරිස 8 දෙනෙකු බවයි.

ඒ අනුව ගත් කළ පාර්ලිමේන්තුව ඉදිකළ කාලසීමාවේ, එනම් 1982දී එක් මන්ත්‍රීවරයකුගේ සාමාන්‍ය බර ලෙස සලකා ඇත්තේ කිලෝග්‍රෑම් 69.23 (900/13 = 69.23)කි. මේ වනවිට එම සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 112.5 (900/8 = 112.5) ක් වී ඇති බව පෙනී යයි. එසේ ගත්කල ගතවූ අවුරුදු 37 තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 42කින් වැඩි වී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!