Gossip

පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සමලිංගික විවාහය නීතිගත වෙයි

තායිවානය සමලිංගික විවාහ නීත්‍යනුකූල කර තිබෙනවා. ඒ පසුගිය සිකුරාදා පැවති පාර්ලිමේන්තු ඡන්දයකින් අනතුරුවයි.

ඒ අනුව තායිවානය සමලිංගික විවාහ නීතිගත කළ ආසියාවේ පළමු රට බවට පත්වුණා.

සමලිංගික සම්බන්ධතා සහ විවාහය අර්ථ දැක්වීම් ඇතුළත් කෙටුම්පත් තුනක් පිළිබඳව තායිවාන් නීති සම්පාදකයන් අතර දැඩි විවාදයක් පැවතුණු අතර රජය පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ වඩාත් ප‍්‍රායෝගික කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

සමලිංගික අයිතීන්ට සහයෝගය පළ කරමින්, ‘තායිපේ’ අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට එම ඓතිහාසික තීන්දුව ලැබෙන තුරු සිය ගණනක් ජනතාව බලා සිටියා.

අදාළ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමත් සමග පැමිණ සිටි පිරිස සතුටු කඳුළු වගුරවමින් ප‍්‍රීති ඝෝෂා නැගුවා.

තායිවාන රජයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනතේ ‘සමලිංගික විවාහය’ අර්ථ දක්වා තිබිණි. එයට පක්ෂව ඡන්ද 66ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 27ක් පමණි.

තායිවාන ජනාධිපතිනිය මෙම පනත නීතියක් ලෙස ප‍්‍රකාශයට පත්කළ පසුව එය ක‍්‍රියාත්මක වනු ඇති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!