Gossip

පාර්ලිමේන්තුවේ බල පෙරළියක්? – 08 වෙනිදාට පාරලිමේන්තුවේ වෙන දේ ගැන කළින්ම අනාවැකියක්

පාර්ලිමේන්තු නව සැසිවාරයේදී ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වුවහොත් අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කොට නව පත්කිරීම් සිදුකිරීමට ඉඩක් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා පවසනවා.

එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශයක් පරාජය වීමක් සිදුවුවහොත් පාර්ලිමේන්තුව පවා විසුරුවා හැරිය හැකි බව ද නැතිනම් නව අගමැතිවරයකු හා කැබිනට් මණ්ඩලයක් පත් කරගෙන ජනාධිපතිවරයාට ආණ්ඩුව ඉදිරියට ගෙන යා හැකි බව ද ඔහු සඳහන් කළා.

අගමැතිවරයා සම්බන්ධ දෙවැනි පරීක්‍ෂණයකට එළැඹීමට මෙය හොඳ අවස්ථාවක් වනු ඇතැයි ද පවතින වාතාවරණය යටතේ ජනාධිපතිවරයා නව සැසිවාරයේදී ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම පිළිබඳව ඇත්තේ විශ්වාසය පළ කළ නොහැකි තත්ත්වයක් බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!