Gossip

පාපන්දු ලෝක කුසලානයේ උණුසුම වැඩිවෙයි – හැරී කේන්ගෙන් ගෝල ත්‍රිත්වයක් – පැනමාව අසරණ කරමින් එංගලන්තය ජයලැබූ හැටි – වීඩියෝ

පාපන්දු ලෝක කුසලානයේ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් තිබෙනවා.
අවසන් 16 දෙනාගේ වටයට ඇතුලත්වීමට එංගලන්තය සමත්වුණේ හැරී කේන්ගේ ගෝල ත්‍රිත්වයත් සමගින්.
ගෝල 6-1 කින් පැනමාව පරාජයට පත්කරමිනුයි එංගලන්තය අවසාන 16 දෙනාගේ වටයට සේන්දු වුණේ.
‘ජී’ කාණ්ඩයේ තරගයක් වූ මෙය රුසියාවේ නිශ්නි නොව්ගොරොඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
තරගයේ 22 වැනි සහ 46 වැනි මිනිත්තුවේදී එංගලන්තයට ලබාදුන් දඬුවම් පහර ද්විත්වයම සාර්ථක කරගත් හැරී කේන් නැවතත් 62 වැනි මිනිත්තුවේදී, ගෝලයක් වාර්තා කළා.
ඒත් සමගම මෙවර තරගාවලියේ වාර්තා වූ දෙවන ගෝල ත්‍රිත්වය බවට මෙය පත්වුණා.
කේන් අද ලබාගත් ගෝල ත්‍රිත්වයත් සමග පෘතුගාලයේ රොනාල්ඩෝ සහ බෙල්ජියමේ ලුකාකු රත්‍රං සපත්තුවට සිහින දකිමින් සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!