Gossip

පාතාල නායක මාකඳුරේ මධූෂ් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරයිද?

පාතාල නායක මාකඳුරේ මධූෂ් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරනවාද නැද්ද යන්න සම්බන්ධව ඊයේ පැවති නඩු විභාගය ලබන මැයි මස 02 වනදා තෙක් කල්ගොස් තිබෙනවා.

සිය ජීවිතයට තර්ජනයක් ඇති බැවින් තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණය වෙත නීතිඥයන් මාර්ගයෙන් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එය විභාග කිරීම ඊයේ දිනයේ යෙදී තිබිණා.

ශ්‍රී ලංකා පොලිසිය සහ ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලි තමන් ඝාතනය කිරීමට සැලසුම් කරගෙන සිටින බැවින් තමන් ශ්‍රී ලංකාව වෙත පිටුවහල් නොකරන ලෙස මාකඳුරේ මධුෂ් විසින් මීට සති කිහිපයකට පෙර අධිකරණයට පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මාකඳුරේ මධුෂ් සමඟ ඩුබාහිදී සාදයකදී අත්අඩංගුවට ගත් පිරිසෙන් 21 දෙනකු මේ වනවිට ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!