Gossip

පාතාලය හා පොලිසිය අතර මාතරදී සිදුවුණු වෙඩි හුවමාරුවේදී වෙඩි වැදුණු පොලිස් නිළධාරීන් රෝහල් ගත කළේ කවුද?

පසුගියදා මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ල කෑමට පැමිණි පාතාල සාමාජිකයන් සහ පොලිසිය අතර ඇතිවුණු වෙඩි හුවමාරුවේදී පොලිසියේ නිළධාරීන්ටද වෙඩි ප්‍රහාර එල්ල වුණා.

මෙහිදී ජීවිත අවදානම නොතකා වෙඩි වැදුණු පොලිස් නිළධාරීන් රෝහල් ගත කිරීමට පුද්ගලයින් තිදෙනෙකු කටයුතු කර තිබුණා.

ඒ අනුව ඉදිරිපත් වූ පුද්ගලයින් තිදෙනාට මාතර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණෙන ලෙසට පොලිසිය ඉල්ලීමක් කර සිටිනවා.

එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙකු මාතර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ තිබෙනවා.

පොලිස් නිළධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ මෙම පුද්ගලයින් ඇගයීම සඳහා මුදල් ත්‍යාග ලබාදීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කලේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!