Gossip

පාතාලය ආයෙත් හිස ඔසවලාද? නාඳුනන දෙන්නෙක්ගේ වෙඩි පහරින් ඊයේ 04 දෙනෙක් මැරුණා -අද තවත් කෙනෙක්

අද(26) උදෑසන 8 ට පමණ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙක් තුවාල ලබා ඉන් එක් අයෙක් මිය ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසුවේ තුවාලකරුවන් ‍මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ, වයස 32 ක් වු දිනේෂ් එරංග නැමති, හේනමුල්ල නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙක්.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් මෙය සිදු කර ඇති බවටත්, ඉන් එක් අයෙක් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බ්ලුමැන්ඩල් සංඛ නැමති අයෙක් බවටත් පොලීසිය සැක කරනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!