පසුගිය 21 වන පාස්කු ඉරිදා මෙරට ඇතිවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සිරියානු ජාතිකයෙක් අත්අඩංගුවට ගත් බව රජය සහ හමුදා ආරංචි මාර්ග තහවුරු කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
තොරතුරු සහිත තවත් විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරන පරිදි මෙම සිරියානු ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්වදේශික සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ලද තොරතුරු අනුවයි.
මේ වන තෙක් කිසිදු පාර්ශවයක් ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් බාරගෙන නැතැයිද රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරනවා.