Gossip

ප්‍රවීණ රංගන ශිල්පී ජයසේකර අපොන්සු හිස බූ ගෑ හේතුව හෙළි කරයි

ජයසේකර අ‍පොන්සු කියන්නේ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. එ් වගේම ටෙලි නාට්‍යය තුළින් පමණක් නොවෙයි වේදිකා නාට්‍යයන් තුළත් කැපී පෙනෙන චරිතයක්. ඉතින් මොහු මේ දිනවල යන හැමතැනම තොප්පියක් දාගෙන යනවාලු. ඒකට හේතුව මොකද්ද කියලා ඔහු සතිඅන්ත පුවත්පතක් සමග කියා තිබුණා. මේ එම සාකච්ඡාවයි.

ලස්සනට තිබුණු කොණ්ඩෙට මේ මොකද වුණේ ?
මේ දවස්වල රූගත කරන අලුත් චිත්‍රපටයක මගේ චරිතය වෙනුවෙන් මම මගේ කොණ්ඩේ සම්පූර්ණයෙන්ම බූ ගෑවා.

කෘත්‍රිම තට්ටයක් පාවිච්චි කරලා හරි චරිතය රඟපාන්න පුළුවන්කම තියෙද්දී, කොණ්ඩය බූ ගාන එක අපරාදේ කියලා හිතුණේ නැද්ද?
අ‍පොයි නැහැ. මොකද මට හිතුණා චිත්‍රපටය වෙනුවෙන් මම ඒ කැපකිරීම කරන්නම ඕන කියලා. මේක ප්‍රීතිරාජ් වීරරත්නගේ අලුත්ම චිත්‍රපටය. එහි නම තමයි “එදත් දිනුම් – අදත් දිනුම්”. “නොම්මර 17” වගේ චිත්‍රපට හදපු ප්‍රීතිරාජ් කාලෙකට පස්සේ ආයෙමත් සිනමාවට එන්නේ මේ චිත්‍රපටයෙන්. අනික අවුරුද්දකට විතර පස්සේ තමයි මමත් චිත්‍රපටයක රඟපාන්නේ. මේ චිත්‍රපටයේ මට ලැබිලා තියෙන්නේ “පප්පා” කියන වයසක චරිතයක්. ඉතින් කාලෙකට පස්සේ චිත්‍රපටයකට දායක වෙන්න ලැබුණු අවස්ථාවේ මේ වගේ ‍පොඩි වෙනසකුත් එක්ක ප්‍රේක්ෂකයෝ ඉදිරියට එන්න ඕන කියලා මට හිතුණා.

වෙන නළු නිළියෝ අධ්‍යක්ෂවරයාගේ අවශ්‍යතාවට අනුව තමයි පෙනුම වෙනස් කරගන්නේ. හැබැයි ඔය කියන විදිහට මේ වෙනස ඔබේම ඕනෑකමට කරගත් එකක්…?
ඇත්තෙන්ම ඔව්, මේකප් කරන්න වාඩි වුණාට පස්සේ මම ප්‍රීතිරාජ්ට කිව්වා “මල්ලී… මගේ කොණ්ඩේ මැදින් බූ ගාලා වටේට ටිකක් ඉතුරු කළොත් කොහොමද කියලා. එතකොට ප්‍රීතිරාජ් කිව්වා “නියමයි අයියා…. නියමයි“ කියලා. හැබැයි ප්‍රීතිරාජ් හිතුවෙත් නෑ චිත්‍රපටය වෙනුවෙන් මම ඒ වගේ කැපකිරීමක් කරාවි කියලා. මොකද මට තිබුණේ ලස්සන කොණ්ඩයක්නේ. ඉතින් “කොණ්ඩේ බූ ගෑවාට කමක් නැද්ද” කියලාත් ඔහු ඒ වෙලාවේ මගෙන් ඇහුවා.

ඔබ රඟපාන වෙනත් චරිතවලට මේකෙන් බලපෑමක් වෙන්නේ නැද්ද?
එහෙම වෙන්නේ නෑ. මොකද මේ චිත්‍රපටය හැරුණාම මම මේ දවස්වල රඟපාන්නේ මගේ “තටු” වේදිකා නාට්‍යයේ විතරයි. ඒකේ රඟපාන කාන්තා චරිතය වෙනුවෙන් මම කොහොමත් බොරු කොණ්ඩයක් පාවිච්චි කරනවා.

මඟ තොටේදී මුණගැහෙන අය මේ වෙනස ගැන මොනවද කියන්නේ?
මම කැමති නෑ මගේ රංගන ජීවිතයයි, සැබෑ ජීවිතයයි එකට පටලවා ගන්න. ඒ නිසා මම මේ දවස්වල තට්ටය නොපෙනෙන්න තොප්පියක් පාවිච්චි කරනවා.

සිනමාවේ අධ්‍යක්ෂවරු ඔබෙන් තවමත් හරිහැටි වැඩක් අරගෙන නෑ කියන චෝදනාව ඔබ කාලයක් තිස්සේ එල්ල කරනවා. මින් ඉදිරියටවත් අධ්‍යක්ෂවරු ඔබේ වටිනාකම තේරුම් ගනීවිද?
ඒක නම් කොහොම වෙයිද දන්නේ නෑ. මගේ හැකියාවක් පෙන්වන්න පුළුවන් විදිහේ චරිත මට මේ වේදිකාවේදී නම් ලැබුණා. හැබැයි සිනමාවේදී මට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. එහෙම කියලා කාගෙන්වත් බලෙන් චරිත ඉල්ලාගෙන යන්නත් බැහැනේ. හුඟක් අය මාව මඟහරිද්දී ප්‍රීතිරාජ් මා ගැන විශ්වාසය තබපු එක ගැන මම හුඟක් සතුටු වෙනවා.

කිෂාන් කනංකෙ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!