Gossip

ප්‍රවීණ රංගන ශිල්පිණී අයිරාංගනී සේරසිංහ මහත්මිය ගැන සමාජජාලවල පැතිරෙන කටකතාවේ ඇත්ත මෙන්න

ප්‍රවීණ රංගන ශිල්පිණී අයිරංගනී සේරසිංහ මහත්මිය අසනීප වී රෝහල් ගත කළ පුවතක් සමාජජාල මාධ්‍යයන් තුළ ඉතාමත් වේගයෙන් පැතිරෙමින් තිබෙනවා.

කෙසේවෙතත් මෙලෙස පැතිරෙන කටකතාව අසත්‍යයක් බවටයි වාර්තා වන්නේ.

මේවන විට අයිරාංගනී සේරසිංහ මහත්මිය 91 හැවිරිදි වියේ පසුවනවා.

කෙසේවෙතත් මේ පැතිරෙන කටකතාව සම්බන්ධයෙන් එතුමියගේ පවුලේ ඥාතීන්ගෙන් අප විමසූ අවස්ථාවේදී ඔවුන් කියා සිටියේ මේ කතාව අසත්‍යයක් බවත් ඒවාට හසුනොවන ලෙසත්ය.

එමෙන්ම රංගන ශිල්පිණී දීපානි සිල්වා මහත්මිය සිය මුහුණු පොත මගින්ද සටහනක් යොදමින් කියා ඇත්තේ “සේරසිංහ මැතිණිය සුවෙන් තම නිවසේ සිටිනවා. ඔය බොරු දේවල් ප්‍රසිද්ධ කරන්න එපා” යනුවෙනි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!