Gossip

ඕස්ට්‍රේලියාවට දිගටම එන්න කියලා විශේෂ කෙනෙකුගේ ආරාධනයක් ලැබුණොත් හිතලා බලනවා – දිනක්ෂි ප්‍රියසාද්

මොකද මේ හිටි හැටියේම නැවතත් ඕස්ට්‍රේලියා යාමට හිතුණේ?
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිංහල සංගමය විසින් සංවිධානය කරනු ලබන ප‍්‍රසංගයක ආරාධිත ශිල්පිනිය ලෙස සහභාගී වීමටයි. එය නම් කරලා තියෙන්නේ මියැසි රංග නමින්. ඒ වෙනුවෙන් තමයි යන්නේ.

එහෙම නැතුව එහෙ සිටින විශේෂිත කෙනෙක් කළ ආරාධනයක් නිසා නෙවේද?
නැහැ විශේෂ ආරාධිත ශිල්පිනිය ලෙස මට ඒ ප‍්‍රසංගය හැඩ කිරීමට තමයි ආරාධනා ලැබුණෙ. ඒ අතරේ තවත් දෙයකට සහභාගී වෙන්න තියෙනවා.

ඒ මොකක්ද?
අපි රූගත කළ ටෙලි නාට්‍යයක තව රූගත කිරීම් වගයක් එහිදී ඉවර කරන්න තියෙනවා. ඒ වෙනුවෙන් දින තුනක විතර කාලයක් අමතරව එහි ගත කළ යුතු වෙනවා.

දිනක්ෂිට ඕස්ට්‍රේලියාවට දිගටම එන්න කියලා විශේෂ කෙනෙකුගේ ආරාධනයක් ලැබුණොත්?
හිතලා බලනවා.

දිනක්ෂිගේ ඉදිරි පිම්ම මොකක්ද?
ලොකු බලාපොරොත්තු නැහැ. ලැබෙන දේ කරගෙන එන විදියට ජීවිතයට මුහුණ දෙනවා.

කොහොම වුණත් දැන් අතිශය කාර්යබහුලයි නේද?
චුට්ටක් විතර කාර්යබහුල වුණා. දැන් ස්ටාර් සිටි ඉවර නිසා ඒ කාර්යබහුලත්වයත් ඉවරයි. සමහර දිනවල නංගි ෂනුද්‍රි සහ මම ස්ටාර් සිටි පුහුණු වීම්වලට එක් වුණේ රාත‍්‍රී 11 ත් පහු වෙලා. සමහර දාට රාත‍්‍රී 12 දක්වා අපි දෙන්නා පුහුණුවීම්වල යෙදුණා.

ඒ කියන්නේ නිදා ගන්නවත් වෙලාවක් තිබුණේ නැද්ද?
පසුගිය කාලයේදී පැය 4 ක් නිදා ගන්න ලැබුණෙ ඉතාම කලාතුරකින්. හැබැයි රූගත කිරීම්වලදී ලැබෙන විනාඩි 5 ක හරි විවේකයේදී මම නිදා ගන්නවා. ඒක හැමෝම දන්න දෙයක්.

ඒ කියන්නෙ ඕනම තැනක නින්ද යනවාද?
අනේ ඔව්. මට පුටුවක හරි ඕනෑ වෙලාවක නිදාගන්න පුළුවනි. ගුවන් ගමනක් යද්දි, ගුවන් යානයේ ඉඳගත්ත හැටියේ මම කරන්නේ නිදාගන්න එකයි.

හැබැයි ගුවන් යානයේ දී ආහාරපාන පිළි ගන්වන කොට හරියට වෙලාවට ඇහැරෙනවලූ නේද?
පුදුම වැඩේ කියන්නේ ඒ කතාව නම් ඇත්ත. ගුවන් යානයට ගොඩවෙච්ච හැටියෙ නින්ද ගියාට ආහාර පාන පිළිගන්වන වෙලාවට ඉබේම අවදි වෙනවා. ගුවන් යානයේදී ලැබෙන ආහාරපානවලට මම හරි ආසා කෙනෙක්.

දැන් මේ ජයග‍්‍රහණය ගැන කතා කළොත්?
ඇත්තටම මේකට සහභාගී වුණේ ජයග‍්‍රහණයක් ගැන හිතලා නොවෙයි. අපි හරි ජොලියෙන් මේ රියැලිටි එකට සහභාගී වුණේ. මොකද ඔක්කොමලා තරු. තරු අතර අපට කවුරුවත් පරදවන අදහස් තිබුණේ නැහැ. අපේ විශේෂාංගය අපි හරියට කරන්න උත්සාහ කළා. මේ කාටවත් තරගයක මූඞ් එක නෙවෙයි තිබුණෙ.

කොහොමද මෙච්චර හොඳට නැටුවේ ?
අපි දෙන්නටම නර්තනය ගැන ලොකු අදහසක් තිබුණේ නැහැ. නංගිටත් එහෙමෙයි. අපි සමහර ඒවා අපට හිතෙන විදියට කළා. නමුත් අපි සාර්ථක වුණා නම් එහෙම වුණේ ‘ගයාන් ශ්‍රීමාල්’ නිසයි. නර්තනාංග වින්‍යාශයෙන් සියලූ දේ අපට පුරුදු පුහුණු කළේ ඒ ප‍්‍රවීණයයි.

දැන් මේ තරගයේ ජයග‍්‍රහණය නිසා ලැබුණු තෑගිවලට මොනවද කරන්නේ?, කොහොමද දෙන්නා ඒවා බෙදා ගන්නේ?
අපි තුන්දෙනාට කුඩා කාලයේ ඉඳලාම හොඳට බෙදා හදාගෙන පුරුදුයි. අපේ අම්මා තාත්තා මහා ලොකු සල්ලිකාරයෝ වුණේ නැහැ. කුඩා කාලයේදී එයාලා අපට ගෙනැල්ලා දුන්න දේ අපි බෙදා හදා ගැනීමට පුරුදු වුණා. කවුරුවත් මේ කොටස වැඩියි අඩුයි කියලා රණ්ඩු කර ගත්තේ නැහැ. මේ ලැබුණ තෑගි ටික අම්මා නංගිටයි. මටයි බෙදලා දේවි.

සම්මාන සහ මේ වගේ ජයග‍්‍රහණ ලබමින් ගෙවන දිනක්ෂිගෙ ජීවිතය කොහොමද කියලා ඇහුවොත්?
ජීවිතය හරිම සැහැල්ලුවෙන්. මම ඒ විදියට සැහැල්ලුවෙන් සතුටින් ඉන්න ආසයි. එන විදියට මුහුණ දෙනවා. සියල්ල සතුටින් බාර ගන්නවා.

දිනක්ෂිගෙ හිත අද්දර සමීප වූ කෙනා ඉන්නේ කොහෙද?
මේ දිනවල හිතට කාර්යබහුලයි. ඒ නිසා හිත අද්දර තියෙන්නෙ මම රඟපාන චරිත සහ ඒ නාට්‍යයේ කතාව තමයි. ඒ නිසා ‘හිත අද්දර’ට වෙන් කරන්න තරම් කාලයක් නැහැ.

ඇයි නිතරම ඕස්ට්‍රේලියාවට යන්නේ?
පසුගිය දිනවල ප‍්‍රසංග තිබුණ නිසා යන්න වුණා. නමුත් මේ වසරේ එහි මට කරන්න තියෙන්නේ දැනට මේ ප‍්‍රසංගය විතරයි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!