Gossip News

ප්‍රතිකාර ගැණිමට පැමිණි දෙදෙනෙකුට කොරෝනා..

කලවාන මූලික රෝහලේ පිරිමි වාට්ටුව වෙත ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි පුද්ගලයින් දෙනෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබේ.

ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ එම වාට්ටුව වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒම වාට්ටුව බාරව සිටී වෛද්‍යවරයා ඇතුළු කාර්‍යමණ්ඩලයද ස්වයං නිරෝධානයට ලක්කර ඇති බව වාර්තා වේ.

පසුගිය දිනකදී මෙම රෝගීන් දෙදෙනා දෙඹර ප්‍රහාරයකට ලක්වූ බව පවසා ප්‍රතිකාර ලබාගැනීමට රෝහල වෙත පැමිණ ඇතිබවත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී රෝග ලක්ෂණ අනුව ඔහුන්ගෙන් විමසා සිටියදී ඔහුන් නිරෝධානයට ලක්කල පුද්ගලයින් බව රෝහල් කාර්‍යමණ්ඩලය වෙත ප්‍රකාශ කර තිබේ .

ඒ අනුව ඔහුනගේ පී.සී.ආර් සාම්පල ලබාගෙන පරීක්ෂා කිරීමේදී ඔහුන්ට කොරෝනා ආසාදිත බවට තහවුරු වු බව කලවාන මූලික රෝහල පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!