පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයාගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
මන්නාරම ප්‍රදේශයේදී යුද හමුදා භාරයට ගත් ඔහු ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය බාර දුන්නා.
ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව ඔහුව නැවත මුදාහැර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.