Gossip News

පහළොස් හැවිරිදි දැරියට අසභ්‍ය වීඩියෝ පෙන්වලා අතවර කරලා

පහළොස් හැවිරිදි පාසල් දැරියක අපයෝජනයට ලක් කළ පුද්ගලයකු ඊයේ  (21) දා සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

සැකකරු වසර දෙකක සිට අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වමින් පාසල් දැරිය මෙසේ අපයෝජනයට ලක්කර ඇතැයි පොලිසිය කියයි.

මීට දින කිහිපයකට පෙර දැරිය සැකකටයුතු ලෙස කිසියම් පෙති වර්ගයක් පානය කර ඇති අතර, ඒ බව පියා දැකීමත් සමග කළ සොයා බැලීමක දී එලෙස පානය කර ඇත්තේ උපත් පාලන පෙති බවට අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

හිදී පියා දැරියට දැඩි ලෙස අවවාද කර පසුව සිදුකළ පැමිණිල්ලකට අනුව මෙසේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

දැරිය ලවා අවස්ථා කිහිපයකදී මාපියන්ට නිදි පෙති ලබා දී ඒ හැම අවස්ථාවකදීම සැකකරු නිවසට පැමිණ දැරිය අපයෝජනයට ලක්කර ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇත.

අපයෝජනයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

සැකකරු කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!