Gossip News

නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින්, කොරෝනා රෝගියා පොලිසි ඇවිත්

නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් කොරෝනා ආසාදිත වූ පුද්ගලයකු විභාග වන පැමිණිල්ලක් සඳහා උඩුගම පොලිස් ස්ථානයට පැමිණීම නිසා උඩුගම පොලිසියේ ස්ථානාධිපතිවරයා, පොලිස් සැරයන්වරයකු හා පොලිස් කොස්තාපල්වරයකු නිරෝධායනයට ලක්කර ඇති බව උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙකී කොරෝනා ආසාදිත පුද්ගලයා කොළඹදී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්ව ඇත. මොහු කොළඹ නගරයේ පෞද්ගලික ආයතනයක රියැදුරකු ලෙස සේවය කරන අයෙකි. ඔහු උඩුගම දකුණ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. පී.සී.ආර්. පරීක්ෂණ ප‍්‍රතිඵල ලැබීමටත් පෙර මෙකී පුද්ගලයා නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් පොලිසියේ විභාග වන පැමිණිල්ලක් සඳහා ඊයේ (21) දා පොලිසියට පැමිණ ඇත. අසල්වැසි අයකු විසින් තමන්ට අපහාස කරන බවට මොහු පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. සුළු පැමිණිලි අංශයෙන් මෙම පැමිණිල්ල විභාග කර ඇති අතර දෙපාර්ශවයේම අය මේ ගැන සෑහීමකට පත්නොවීම නිසා පැමිණිල්ල විභාග කිරීම සඳහා උඩුගම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත යොමුකර ඇත. ස්ථානාධිපතිවරයා මෙකී පැමිණිල්ල විභාග කර පොලිස් ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර ටික වේලාවකට පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් මෙකී පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇති බව සඳහන් කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!