Gossip

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අවදානම් – ප්‍රේක්ෂකයන් අනතුරු අඟවයි

බඹර වද කීපයක් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තරමක අවදානම් තත්ත්වයක පවතින බව ප්‍රේක්ෂකයන් අනතුරු අඟවා තිබෙනවා.

මෙම ක්‍රීඩාංගණයේ මාධ්‍ය කුටිය ඇති ගොඩනැගිල්‍ලේ බඹර වද තුනක් ද ප්‍රේක්ෂකාගාරයේ වද දෙකක් ද බැඳ ඇති බවද වාර්තා වනවා.

පාසල් අතර මහා ක්‍රිකට් තරගාවලි රැසක් මේ දිනවල මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර ඇතැම් විට බඹරුන් ඉගිල යාම හේතුවෙන් තරග නතර කිරීමට සිදුවීමටද තිබෙනවා.

අධික සූර්ය රශ්මිය හා ප්‍රේක්ෂකයන්ගේ ඝෝෂාව හේතුවෙන් බඹරුන් ඇවිස්සීමේ වැඩි ඉඩක් පවතී. නමුත් වැඩි පිරිසක් මෙම ක්‍රීඩාංගණය බඹර වද ඇති බව නොදන්නා බවත්, ක්‍රීඩාකරන අවස්ථාවලදී බඹරුන් ඇවිස්සෙන විට ක්‍රීඩකයන් ඇතුළුව තමන් පිටියේ දිගාවන බව එහි කාර්යය මණ්ඩලය සඳහන් කර සිටිනවා.

මේ දක්වා බඹර ප්‍රහාරයක් එල්ල වී නොමැති නමුත් මේ දිනවල පවතින අධික රශ්මිය හේතුවෙන් දිවා කාලයේ දී බඹරුන් ඇවිස්සීමට හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.

වර්ෂ 2009 දී විවෘත කරන ලද පල්ලේකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා ප්‍රේක්ෂකයන් 35,000 ක පිරිසක් යොමු කළ හැකි බවත් ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ක්‍රිකට් තරගයක් ඉදිරියේ දී මෙම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටද නියමිතයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!