Gossip

පණ වගේ ආදරය කළා -ඒත් වෙන්න තියෙන දේ තමයි මේ සිද්ධ වුණේ -කැමරාවක්‌ ඉදිරියේ නිරුවත් වෙන්න මට පුළුවන්කමක්‌ නෑ

උදාරි කෞශල්‍යා කියන්නේ මේ වෙද්දි ජනප්‍රිය නිළියක්. පසුගිය දවසකදී තුසිතත් එක්ක කරපු Photoshoot එකකුත් හැමෝම අතර ගොඩක් කතාබහට ලක්වුණා. ඉතින් මේ හැමදේම ගැන උදාරි පුවත්පතකට කියලා තිබුණේ මේ විදියට.

හැමෝම කතාවෙනව. උදාරි ආයෙත් කසාද බැඳල කියලා. ඇත්තටම මොකක්‌ද මේ කතාවේ ඇත්ත නැත්ත?
ඇත්තටම ඒක ෆොටෝ ෂූට්‌ එකක්‌. ඒ වුණාට ඒක ප්‍රසිද්ධ කළේ ඇත්තටම වෙඩින් එකක්‌ කළා වගේ. ඒ නිසා ගොඩක්‌ අය ඒක ඇත්තම වෙඩින් එකක්‌ විදියට හිතුවා.

ගොඩක්‌ අය උදාරිට සුබ පැතුව කියන්නේ ඇත්තද?
ඔව්… ඔව්… ගොඩක්‌ අය ඒ ෆොටෝ දැකල සුබ පැතුවා. ඒත් ඒ අයට මම කිව්වා ඒක ඇත්තම වෙඩින් එකක්‌ නෙමෙයි කියලා.

ෆොටෝ ෂූට්‌ එක මේ තරම් දුරක්‌ යයි කියලා හිතුවද?
අපෝ නෑ. කලිනුත් මම මේ වගේම ෆොටෝ ෂූට්‌ එකක්‌ කළා. ඒකත් ගොසිප්වලට ගිහින් තිබුණ ආයෙත් මම විවාහ වුණා කියලා. මේ ෂූට්‌ එක තරම් දුරට ඒක ගියෙ නැති වුණාට මේ වතාවේ නම් ගොඩක්‌ දුර ගියා කියලා තමයි හිතෙන්නේ.

ඔබත් සමඟ ෂූට්‌ එක කරපු තුසිත මොකද මේ ගැන කිව්වේ?
එයාටත් සමහර අය මැසේඡ් කරනව කියලා තමයි කිව්වේ.

මේ කතාවත් එක්‌ක උදාරි කෞෂල්‍යා නැවතත් අන්තර් ජාලයේ හිට්‌ වෙලා?
අනේ එහෙම විශේෂයක්‌ නෑ. කාලෙන් කාලෙට එක එක දේවල් සිද්ධ වෙනවනේ.

කාලෙන් කාලෙට හැදෙන කතා ගැන මොකද හිතන්නේ?
සමහර කතා නම් ඇත්ත වෙන්න පුළුවන්. ඒත් සමහර කතා නම් බොරු ඒවා. නමුත් දකින සහ අහන කෙනා තමයි තේරුම් ගන්න ඕන.

තුසිත් ඇත්තම ආදර යෝජනාවක්‌ කළොත්?
නැහැ… ආයෙත් ආදරයක්‌ ගැන මම තවම හිතලා නැහැ. තුසිත මගේ හොඳ යාළුවෙක්‌.

ෆොටෝ ෂූට්‌ එකත් එක්‌ක බොහෝ දෙනෙක්‌ කියනවා තුසිත උදාරිට ගැළපෙනවා කියලා?
ඒක ඉතිං කියපු අයම තමයි දන්නේ. මට නම් ඒ ගැන මුකුත්ම කියන්න බෑ.

උදාරිට හිතෙන්නෙ නැද්ද ඒ කතාවේ ඇත්තක්‌ තියෙනවා කියලා?
කෙනෙක්‌ රූපෙන් විතරක්‌ ගැළපුනාට මදි නේද? තව හිතන්න ගොඩක්‌ දේවල් තියෙනවානේ.
මෙතෙක්‌ ආ මඟ දිහා ආපහු හැරිල බැලුවොත්? පසුතැවීමක්‌ වත් දුකක්‌ වත් නෑ. ඇත්තටම ආදරේ කළා. පණ වගේ ආදරය කළා. ඒත් වෙන්න තියෙන දේ තමයි මේ සිද්ධ වුණේ. ඒ නිසා හැමදේම වෙන්නෙ හොඳටයි කියලා හිතනවා. කිසිම කෙනෙක්‌ ගැන හිතේ තරහක්‌ නෑ.

නිහඬව හිටපු කාලෙන් පස්‌සේ දැන් ආරාධනා බොහොමයිලු නේද?
ඔව්. ඒක නම් ඇත්ත දැන් හැම පැත්තකින්ම ආරාධනා ලැබෙනවා. ගායනය, රංගනය, නිවේදනය, මේ හැමදේකටම ඇත්තටම ගොඩක්‌ සතුටුයි. හොයලා බලල ගැළපෙන දේවල් තෝරාගෙන උපරිම සාධාරණය ඉටු කරනවා.

ජනප්‍රිය ක්‍රිකට්‌ තරුවකට පෙම් කරනව කියල ආරංචියි?
අනේ එහෙම දෙයක්‌ නෑ… ඇත්තටම මම ගොඩක්‌ වාසනාවන්ත වුණා. ටී. එම්. ඩිල්ෂාන් කියන මුළු ලෝකයක්‌ දන්න ක්‍රිකට්‌ තරුව එක්‌ක එකම තිරයේ රඟපාන්න තරම්. ඒ ගැන ලොකු සතුටක්‌ දැනෙනවා.

ඩිල්ෂාන් එක්‌ක මොනවගේ චරිතයක්‌ද උදාරිට කරන්න තියෙන්නේ?
මට ලැබිල තියෙන්නේ ඩිල්ෂාන්ගේ පෙම්වතියගේ චරිතය.

කාලෙකින් හම්බවුණ සිනමා නිර්මාණය ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම තවත් සිනමා නිර්මාණයකට ආරාධනයක්‌ ලැබුණා. නමුත් මම භාරගත්තේ නෑ.

ඇයි ඔබ ඒ ආරාධනය ඉවත දැම්මේ?
මට ගැළපෙන, මට කරන්න පුළුවන් සීමාවක්‌ තියෙනවා. එතනින් එහාට යන කිසිම නිර්මාණයක්‌ මම භාරගන්නේ නෑ. කොච්චර ජනප්‍රියත්වයක්‌ ලැබුණත් මුදල් ලැබුණත් ඊට වඩා මගේ ආත්ම ගරුත්වය වටින බව තමයි මම හිතන්නේ.

රඟපෑමට සීමාවක්‌ තියෙනවාද?
රඟපෑමේදී කලාකාරිනියක්‌ විදියට ඕනම අභියෝගයක්‌ භාරගන්න පුළුවන් දක්‍ෂතාවක්‌ තියෙන්න ඕන. මේ කතා කරන්නේ චරිතාංගනය ගැන නෙමෙයි. ඉන් එහාට අද සමාජයේ අහන්නට දකින්නට ලැබෙන දේවල් ගැන. කොටින්ම කිව්වොත් කැමරාවක්‌ ඉදිරියේ නිරුවත් වෙන්න මට පුළුවන්කමක්‌ නෑ.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!