Gossip

නීතියෙන් දික්කසාද වෙලා නැහැ – අම්මවයි, තාත්තවයි ආදරෙන් බලාගෙන ජීවත් වෙන එකයි බලාපොරොත්තුව – වොල්ගා කල්පනී

වොල්ගා කල්පනී කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ හුරුබුහුටි රංගන ශිල්පිණියක්. ඉතින් හර්ෂණයි ඇයයි ගෙවන ජීවිතේ ගැනත් ඇගේ අලුත් තොරතුරු ගැනත් ඇය පුවත්පතක් හමුවේ කියා තිබුණේ මේ විදියට.

මේ දවස්වල මොකද කරන්නේ?
විශේෂයෙන් කියලා කියන්න දෙයක් නෑ. සාමාන්‍ය විදිහට වෙනදා වගේම දවස ගතවෙනවා.

ඒ කියන්නේ නිර්මාණවලට සම්බන්ධ වුණේ නැද්ද?
නිර්මාණවලට සම්බන්ධ වෙලා ඉන්නේ.

ඔබ සීමාසහිතවද නිර්මාණ තෝරාගන්නේ?
මං කොහොමත් නිර්මාණ ගොඩක් එක්ක කාර්යබහුල වුණු කෙනෙක් ‍නෙවෙයි. එදා ඉඳන්ම මම ගාණට වැඩ කරපු කෙනෙක්. මගේ නිදහසට, මගේ ජීවිතේම ඉඩක් තියාගෙනයි මම කරන්නේ.

රඟපාන්න ආසාවෙන් තවමත් බලන් ඉන්න චරිතයක් තියෙනවාද?
මම මේ ක්ෂේත්‍රයට කරන්න බලාගෙන ආපු චරිතයක් තියෙනවා. ඒ සඳහා ‍පොඩි අවස්ථාවක් ලැබුණා. නමුත් තවත් වැඩිදුර ඒ චරිතය අරන් යන්න මම කැමතියි. ඒ තමයි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු කෙනකුගේ චරිතයක් රඟපාන එක.

ඇයි ඔබ එහෙම චරිතයක් බලා‍පොරොත්තු වෙන්නේ?
මම බලපු චිත්‍රපටයකදී මට එහෙම චරිතයක් හම්බවුණා. ප්‍රියංකා චොප්රා තමයි එහි රඟපාන්නේ. ඉතින් ඒ චිත්‍රපටය බැලුවට පස්සේ තමයි මටත් මෙහෙම රඟපාන්න ඕන කියන ආසාව ඇති වුණේ. ලංකාවේ හරි අඩුයි එහෙම චරිතයකට ලැබෙන අවස්ථාව.

ඔබට ප්‍රවීණයන් එක්ක රඟපාන්න ලැබුණු අවස්ථා වැඩියි. ඒ ගැනත් කියමු?
ඒක මට ලැබුණු එක්තරා වාසනාවක්. මම ආපු පළවැනි දවසෙ ඉඳන්ම මට ප්‍රවීණයන් එක්ක රඟපාන්න ලැබෙන අවස්ථා වැඩියි. ඔවුන් අපිට හරි ආදරෙයි. ඉගෙන ගන්න සෑහෙන දේවල් ඔවුන් ළඟ තියෙනවා.

ජීවිතේ ගත්තු තීරණ ගැන මොකද හිතෙන්නේ?
ජීවිතේ ගත්ත කිසිම තීරණයකට පසුතැවෙන කෙනෙක් ‍නෙවෙයි මම. ගත්තු හැම තීරණයකම මට ඉගෙන ගන්න දෙයක් තිබුණා. ඒ වගේම මම ඉගෙන ගත්තා. ඉතින් මට, මම ගත්තු තීරණ ගැන සතුටුයි.

ඒ කියන්නේ පසුතැවිලි වන තීරණ අරන්ම නැද්ද?
නෑ. කවදාවත්, කොතැනකදිවත් පසුතැවිලි වෙන්න තීරණ අරන් නෑ මම.

දුකක් දැනුණාම ඔබ මොකද කරන්නේ?
ඒ දුක සාමාන්‍ය එකක් නම් ටිකක් කේන්ති අරන් අඬලා ඒක අමතක කරනවා. නමුත් ඒක දරුණු ගණයේ දුකක් වුණොත් මම ඒ දුක කාටවත් නොපෙන්වා මමම විඳගෙන අඬලා හරි ජීවත් වෙනවා.

කතාවක් යනවා ඔබ හර්ෂණගෙන් වෙන්වෙලයි කියලා. ඒක ඇත්තද?
මම දන්නේ නෑ කොහෙද ඒ කතා හැදෙන්නේ කියලා. මම නම් නීතියෙන් දික්කසාද වෙලා නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ.

ඔය හුරුබුහුටි පෙනුම ඔබට වාසියක්ද? අවාසියක්ද?
මගේ මේ පෙනුම මට රංගනයේදී විතරක් ‍නෙවෙයි සාමාන්‍ය ජීවිතේදිත් ලොකු වාසියක්. අම්මට තාත්තට වගේම දෙවියන්ට මම ස්තුති වන්ත වෙනවා මට මෙහෙම පෙනුමක් ලබාදුන්නට. හැමෝගෙම ආදරේ ලබන්නත් මේ රූපේ එක හේතුවක්.

ආයෙම ජීවිතේ වෙනස් කරගන්න තැනක් ලැබුණොත් ඔබ වෙනස් වෙන්න කැමති කොතැනද?
මම හිත්නනේ නෑ එහෙම වෙනස් කරගන්න තරම් තැන් මගේ ජීවිතේ තියෙනවා කියලා.

රංගනය ඔබ බලා‍පොරොත්තු වුණු වෘත්තියක්ද?
ගොඩක් අයට නම් රංගනය කියන්නේ අහම්බයක්. නමුත් මම නම් බලා‍පොරොත්තු වුණු වෘත්තිය මේක. මහන්සි වුණොත් මේ වෘත්තිය තුළම රැඳෙන්න පුළුවන්.

මොනවද අනාගත බලා‍පොරොත්තු?
රංගනය තුළ කාගෙන්වත් කිසිම දෙයක් අහන තැනට පත් නොවී හොඳ පැවැත්මක් හදාගන්න එක තමයි බලා‍පොරොත්තුව. ඒ වගේම මගේ පාඩුවේ අම්මවයි, තාත්තවයි ආදරෙන් බලාගෙන ජීවත් වෙන එකයි හැමදාම මගේ බලා‍පොරොත්තුව වුණේ.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!