Gossip

නිළ ඇඳුමකට ආවරණය නොවුණු අපරිමිත මිනිසත්කමයි මේ

පසුගිය කාලයේ රණවිරුවන්ට බොහෝ චෝදනා එල්ල වී ඔවුන් සිරගත කිරීම්වලට පවා ලක්වීම බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වුණා. ඒ වගේම රට වෙනුවෙන් ජීවිතය කැපකළ මේ රණවිරුවන් ගැන බොහෝ අයට අමතක වී තිබුණු යුගයක ආයෙත් ඔවුන් ගැන කතාවෙන්න පටන් අරන් තියෙනවා.

දැන් ආයෙත් රණවිරුවන්ගේ අවශ්‍යතාවය රටේ බොහෝ දෙනෙක්ට දැනෙමින් තිබෙන මොහොතක්.

ඒ වගේම නැවතත් සමාජජාල මාධ්‍යයන්වල ඔවුන් ගැන වැඩි වැඩියෙන් කතාවෙන්න පටන් අරන් තියෙනවා.

කොහොමවුණත් අපි මේ කියන්න යන්නේ කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේදී ඊයේ රෑ සිදුවූ සිදුවීම සම්බන්ධවයි.

පසුගිය පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ සංවිධානයට සම්බන්ධ පිරිසක් අම්පාර කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක සැකකටයුතු පිරිසක සිටින බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ පස්වරුවේ එහි සෝදිසි මෙහෙයුමක් දියත් කළා. මෙහිදී පොලිස් නිළධාරීන් එම නිවස අසලට යන විට නිවස දෙසින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන් මොහොතකට පසු නිවස තුළ සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනෙක් විසින් පිපිරීම් තුනක් සිදුකරගෙන තිබුණා. කෙසේවෙතත් තත්වය සමනය වීමත් සමග පිපිරීම් සිදු කළ නිවස ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කිරීමේදී කුඩා දරුවෙක්ද තුවාල ලබා තිබූ අතර එම දරුවා ආරක්ෂක අංශ විසින් රෝහල් ගත කිරීමට ගෙන යන අයුරු වෙබ් ගොසිප් අපේ අවධානය යොමු වුණා.

පක්ෂ පාට ආගම් බේද නොසලකා ඔවුන් මේ කරන සේවයෙන් පෙන්නන්නේ අපේ ආරක්ෂක අංශ වල සිටින රණවිරුවන්ගේ උතුම් මනුස්සකමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!