Gossip News

නිරෝධායනය වෙන අතරේ උපන්දින සාදයක් දාලා….පාටියට ආපු අයත් නිරෝධායනයට.

රුසියාවේ අසර්බයිජාන් ප‍්‍රදේශයේ සිට පැමිණ දොඩම්ගොඩ පැලපිටියාගොඩ ප‍්‍රදේශයේ නිවසක නිරෝධායනය වෙමින් සිටි දෙදෙනකු එම නිවසේ උපන්දින සාදයක් පවත්වා ඇති අතර එම සාදයට සහභාගි වූ පිරිස ද නිවස තුළ නිරෝධායනයට ලක් කිරීමට දොඩම්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කටයුතු කළහ.

ඒ අනුව මෙම දෙදෙනාට අමතරව සාදයට සහභාගි වූ සාමාජිකයන් 4 දෙනකු ද නිරෝධායනයට ලක්කර තිබේ. මොවුන් ඉකුත් අගෝස්තු මස 26 වැනිදාට ආසන්න දිනයකදී මෙරටට පැමිණ ඇත. තම නිවසේ නිරෝධායනය අරඹා ඇත්තේ සැප්තැම්බර් මස 12 වැනිදා සිටය.

දොඩම්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්. බී. කිරිඇල්ල, දොඩම්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක අසංක බලපිටිය සහ නෑබඩ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කසුන් වෑත්තැව යන මහත්වරු මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!