Gossip

නිරූපිකාවක් සිය නිවසේදීම ගෙල වැලලාගෙන මියයයි – මැරෙන්න කළින් වීඩියෝවක් කරලා

සුරූපී නිරූපිකාවක් සියදිවි හානිකරගැනීමේ පුවතක් ගැන මේ වෙද්දි ලෝකයේම අවධානය යොමුවෙලා තිබෙනවා.

අදාළ සිද්ධිය සිදුවී තිබෙන්නේ පාකිස්තානයේයි.

එම නිරූපිකාව වන්නේ Anam Tanoli යි.

ඇය මෙලෙස සියදිවි හානි කරගෙන තිබෙන්නේ සුවිශේෂ වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරීමෙන් අනතුරුවයි.

මෙම වීඩියෝව ඔස්සේ ඇය සඳහන් කර ඇත්තේ නවක වදය පිළිබඳවයි.

එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙලෙස තවත් පුද්ගලයන්ට හිරිහැර කරන්නේ මානසික ව්‍යාධියකින් පෙලෙන්නන් බවයි.

කෙසේ වෙතත් මෙම නිරූපිකාවද මානසික ආතතිය සඳහා ප්‍රතිකාර ගෙන තිබීම විශේෂත්වයක්.

ඇය සියදිවි හානිකරගෙන ඇත්තේද ඇයගේ මානසික වෛද්‍යවරයා හමුවීමට යොදාගෙන සිටි දිනයේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එදින තම දියණියට වෛද්‍යවරයා හමුවීමට සූදානම් වන ලෙස තමන් පැවසූ බවත් ඉන් අනතුරුව ඇය සිය කාමරයට ගොස් එහි දොර වසාගත් බවත් එම නිරූපිකාවගේ මව පවසනවා.

පසුව කළ සෝදිසි කිරීමකදීයි කාමරයේ විදුලි පංකාවේ එල්ලී සියදිවි හානිකරගෙන සිටියදී ඇයගේ දේහය හමුවී ඇත්තේ.

එරට බලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඇය මියයාමට ප්‍රථමයෙන් සමාජ මාධ්‍ය වෙත එක්කළ අදාළ වීඩියෝව පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!